HUTCH Sri Lanka සමාගම සිය බෙදාහැරීමේ නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කරන ලද කහවණු උදානය වැඩසටහනෙහි පළමු අදියර පසුගියදා අති සාර්ථක අයුරින් නිමාවට පත්විය.
මෙම වැඩසටහන, රට පුරා විසිරී සිටින තම බෙදාහැරීමේ නියෝජිතයන් දිරි ගැන්වීම, අගය කිරීම, සහාය දීම සහ ත්‍යාග පිරිනැමීම සඳහා නිර්මාණය කරන ලද්දකි. කහවණු උදානය, හුදෙක් සැමරීමකට එහා ගිය, සාර්ථක දිරිගැන්වීම් මෙන්ම කැපී පෙනෙන කාර්යය සාධනයක් ඔස්සේ තම බෙදාහැරීමේ නියෝජිතයන් සවිබල ගැන්වීම පිළිබඳව, එම සමාගම සතු විශ්වාසයට මනා වූ සාක්ෂියකි.
පසුගියදා පැවැති උත්කර්ෂවත් උත්සවයකින් පළමු අදියරෙහි අවසානය සනිටුහන් වූ අතර, ඒ සඳහා 10,000කට අධික බෙදාහැරීමේ නියෝජිතයෝ පිරිසක් ලියාපදිංචිව සිටියහ. තම නියෝජිතයින් දිරිමත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම අතරින් HUTCH සමාගම ශ්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින අතර, බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සාර්ථකත්වය සහ මහඟු කැපවීම ඒ ඔස්සේ තවදුරටත් පිළිඹිබු කරයි. සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් බෙදාහැරීමේ නියෝජිතයෝ මෙම වැඩසටහන හා ක්‍රියාකාරීව සම්බන්ධ වීම, HUTCH සමාගමෙහි පුළුල් ජාතික පැවැත්මේ ශක්තිය මෙන්ම එකමුතුකමද පෙන්නුම් කරති.
HUTCH කහවණු උදානය, සේවා අලෙවිය මත පදනම්ව බෙදාහැරීමේ නියෝජිතයන්ට ප්‍රතිලාබ ගෙනදෙන වැඩසටහනකි. ඔවුන් විසින් සිදු කරනු ලබන සේවා අලෙවියට අනුරූපීව ඔවුනට ඩිජිටල් කාසි(Digital Coins) උපයා ගත හැකි අතර, ඒවා පළමු අදියර තුළ ත්‍යාග වවුචරයන් ලෙස ආපසු ලබාගැනීමට හෝ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අදියර සඳහා ආයෝජනය කිරීමට හැකි ආකාරයට විකල්ප අවස්ථා ලබා දී තිබේ. එමගින් ඔවුන්ගේ උත්සාහයන්ට නම්‍යශීලීබවක් මෙන්ම දිගුකාලීන වටිනාකමක් ලබා දීමට ද HUTCH සමාගම කටයුතු කර තිබේ.