නෙස්ලේ ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමඟ අත්වැල් බැඳගනී

171
වමේ සිට දකුණට - ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ අධ්‍යක්ෂ (අරමුදල් සංවර්ධන සහ සන්නිවේදන) ගයන්ත දල්පදාදු මහතා, එහි ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා, නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා සහ නෙස්ලේ ලංකා සහකාර උප සභාපතිනී (සන්නිවේදන) රාධිනී ද කොස්තා මහත්මිය

නෙස්ලේ ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුම යටතේ, දිවයින පුරා පිහිටි SOS ළමා ගම්මාන පහකට නෙස්ලේ ලංකා සමාගම සහාය වීමට එකඟතාවය පළ කළේය. මෙම වැඩසටහන මඟින්, පවතින අසීරු කාලසීමාව තුල අනුරාධපුර, ගාල්ල, යාපනය, මොණරාගල සහ නුවර එළිය යන ප්‍රදේශවල පිහිටි SOS ළමා ගම්මානවල ළමුන් 600කට අදික පිරිසකගේ, මාස 6ක ආහාර සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට ‘Good food, Good life’ යන තේමාව යටතේ කටයුතු කරන නෙස්ලේ ලංකා සමාගම සහාය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment