MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline පුද්. සමාගම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය (SLA) සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වයේ තවත් පියවරක් ලෙස ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 2025 වසර සඳහා ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දුන්නේය. මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාරදීමේ උත්සවය 2025 අප්‍රේල් 7 වන දින පැවැත්වුණු අතර 2028 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය දක්වා මෙරට මලල ක්‍රීඩාවේ නිල ඇඟලුම් සහකරු ලෙස Bodyline ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සමඟ එක්ව කටයුතු කරනු ඇත.
නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාරදීම:
(වමේ සිට දකුණට) Bodylineහි නව්‍ය නිෂ්පාදන සහ නිර්මාණ කළමනාකරු චමීර මුහන්දිරම්ගේ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් ගුණවර්ධන, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ, Bodyline හි ප්‍රධාන විධායක නිලධාරී සහන් රාජපක්ෂ, MAS Holdings හි සමූහ නිෂ්පාදන පරිවර්තන නිලධාරී ඩිල්ශාන් මොහමඩ්, Bodyline හි මානව සම්පත් සහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂ සසිනි සෙනරත් සහ Bodyline හි නවෝත්පාදන සාමාන්‍යාධිකාරී හුසෙෆා කාදර්