ගාලුමුවදොර අරගලයට පහර දීම – මහින්දගේ ආරක්‍ෂක කොල්ලුපිටිය ඕඅයිසී ඇතුළු 3 කගෙන් ප්‍රශ්න කරයි

441

ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී අරගලයට පහර දී පුද්ගලයන් 200 කට අධික පිරිසකට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා, අරලියගහ මැඳුරේ උත්සව සම්බන්ධීකරණ නිලධාරියා සහ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ඊයේ (11 දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කළේය.

ඒ අනුව මෙම නිලධාරීන් තිදෙනා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර, ඔවුන්ගෙන් ඊයේ සවස් වන තුරුම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගනිමින් තිබිණි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායම් 06 ක් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි. ගාලුමුවදොර සාමකාමී අරගලයට ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසකගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත අතර මෙම ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් වීඩියෝ දර්ශන ඔස්සේ හඳුනාගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටියි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment