NSBM හරිත සරසවියට ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රන් සම්මාන…

60

පාරිසරික තිරසරභාවය උදෙසා විශාල මෙහෙවරක යෙදෙන මෙරට විශ්වවිද්‍යාලයක් වන NSBM හරිත සරසවිය 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී “පරිසරයට දායක වන හොඳම රාජ්‍ය ආයතනය” ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීය. NSBM හරිත සරසවියේ පරිසර සංරක්ෂණය සහ තිරසරත්වය සඳහා වන සුවිශේෂී කැපවීම අගයමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් මෙම සම්මානය පිරිනමනු ලැබීය.

NSBM හරිත සරසවියට ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රන් සම්මාන…

NSBM හරිත සරසවිය දකුණු ආසියාවේ පුරෝගාමී හරිත විශ්වවිද්‍යාලයක් ලෙස පරිසර සංරක්ෂණය සහ පාරිසරික තිරසරභාවය කෙරෙහි සුවිශේෂී කැපවීමකින් යුතුව ඊට සක්‍රියව දායකවෙයි.

2023 වර්ෂයේ පැවති ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ද NSBM හරිත සරසවිය එහි පාරිසරික මෙහෙවර උදෙසා සම්මානයට පාත්‍ර විය. 2024 වසරේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමත් සමග පරිසර සංරක්ෂණය සහ තිරසරත්වය සඳහා NSBM දක්වන නොසැලෙන කැපවීම සහ ඒ සඳහා ක්‍රියාත්මක කර ඇති ආදර්ශවත් පරිසර හිතකාමී භාවිතයන්ගේ ඵලදායිතාව තවදුරටත් අවධාරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment