SLT-MOBITEL සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක් වී විශ්‍රාමිකයන්ට ස්මාර්ට් දුරකථන සහ උපාංග සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි

22

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක් වී, ‘උපහාර’ පැකේජයේ 15 වන සංවත්සරය නිමිත්තෙන් ආකර්ෂණීය අගය එකතු කළ සේවා එකතුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය විශ්‍රාමිකයන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අගය කිරීමක් මෙන්ම, ඔවුන්ගේ ජීවිත වඩාත් පහසු කිරීම සඳහා දරනු ලබන සුවිශේෂී ප්‍රයත්නයක්ද වනු ඇත.

එමෙන්ම මෙම දීමනාව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අගය කරමින් සහ ඔවුන්ට අත්වැලක් වෙමින්, ඔවුන්ට තම එදිනෙදා සන්නිවේදන හා සම්බන්ධතා අවශ්‍යතා සහනදායී ලෙස සපුරා ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා SLT-MOBITEL දරන නිරන්තර උත්සාහයට සමගාමී පියවරක්ද වේ.

මේ යටතේ විශ්‍රාමිකයන්ට සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රම යටතේ 4G ස්මාර්ට් දුරකථන, 4G මොබයිල් රවුටර් සහ 4G ඩොන්ගල් මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. මෙය විශ්‍රාමික ප්‍රජාවට වර්තමාන ඩිජිටල් යුගය තුළ තම සන්නිවේදන අවශ්‍යතා කාර්යක්ෂම ලෙස සපුරා ගැනීමට මහෝපකාරී වනු ඇත.

මේ යටතේ SLT-MOBITEL Mobile වෙතින් වසරක වගකීමක් යටතේ ZTE Blade A54 4G ස්මාර්ට් දුරකථන මිලදී ගැනීමට විශ්‍රාමිකයන්ට අවස්ථාව ලැබේ. 4GB RAM, 64GB ROM, ආරෝපණය දීර්ඝ කාලයක් පවතින 5000 mAh බැටරියක්, Super AI කැමරා, VoLTE සහ Android 13 මෙහෙයුම් පද්ධතියක් සහිත මෙම දුරකථනය, උපහාර 499 පැකේජය හිමි පුද්ගලයන්ට මසකට රු. 3.223 ක් සහ, උපහාර 727 පැකේජය හිමි පුද්ගලයන්ට මසකට රු. 3,522 ක් වශයෙන් මාස 12 ක පහසු ගෙවීමේ ක්‍රම යටතේ ලබාගත හැකි වේ. විශේෂාංග රාශියක් සහිත මෙම දුරකථනය සමග, තම අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන දුරකථන පැකේජයක් තෝරා ගැනීමට විශ්‍රාමිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

එමෙන්ම මෙම දීමනාව යටතේ මිලදී ගත හැකි Siyol M30T 4G LTE mobile Wi-Fi රවුටරයේ බැටරියේ ආරෝපණය පැය 6 ක් දක්වා පවතින අතර, 150Mbps දක්වා ඩවුන්ලෝඩ් වේගයක් සහිත එය සඳහා 15GB එනිටයිම් ඩේටා හිමි වේ. විශ්‍රාමිකයන්ට තම සන්නිවේදන අවශ්‍යතා සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වන මෙම රවුටරය, මසකට රු. 2,334 බැගින් මාස 12 ක පහසු ගෙවීමේ ක්‍රමයක් යටතේ ලබාගත හැක.

මීට අමතරව මෙම දීමනාව යටතේ ZTE MF833u1 4G LTE ඩොන්ගල් උපකරණද මිලදීගත හැකි වේ. 150Mbps දක්වා ඩවුන්ලෝඩ් වේගයක් සහ 50Mbps දක්වා අප්ලෝඩ් වේගයක් සහිත මෙම ඩොන්ගල්, විශ්‍රාමිකයන්ගේ අන්තර්ජාල භාවිතය වඩාත් පහසු කරනු ඇත. උපහාර උපකරණ දීමනා පිළිබඳව වැඩිදුර තොරතුරු SLT-MOBITEL හි 1717 ක්ෂණික ඇමතුම් අංකයෙන්, www.sltmobitel.lk වෙබ් අඩවියෙන් හෝ දිවයින පුරා පිහිටි SLT-MOBITEL ශාඛා වෙතින් ලබාගත හැකි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment