“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු උත්සවයදා…

54

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයීය සේවක සුබ සාධක සංගමය විසින් සංවිධානය කර තිබූ “වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු උත්සවය ඉකුත් (27)දා කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේ පැවැත්විණි.

“වසත් සිරිය - 2024” සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු උත්සවයදා…

මේ සඳහා විදෙස් තානාපතිවරුන්, තානාපති කාර්යාලවල නිලධාරීන් සහ විදෙස් සංචාරකයන්ද මහත් උනන්දුවෙන් එක්ව සිටි අතර ඔවුන් වෙනුවෙන්ද තරග ඉසව් රැසක් සංවිධානය කර තිබිණි.

අවුරුදු උළෙල පැවති භූමිය වෙත දහවල් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි සංචාරය කරමින් පැමිණ සිටි ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර තරග ඉසව් කිහිපයක් නැරඹීමටද එක් විය. ගැමි ගෙදර සහ වෙද ගෙදර වෙත පැමිණ ඒවාද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එහි අසිරිය විඳගැනීමට එක්ව සිටි විදේශිකයින්ගෙන් තොරතුරු විමසමින් ඔවුන් සමඟද සුහද කතා බහක යෙදිනි. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි. ත්‍යාග ප්‍රදානය සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටි අතර ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරුන් සහ අනුග්‍රාහක ආයතනවල ප්‍රධානීහු සහ නියෝජිතයන්ද ඊට එක් වූහ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“වසත් සිරිය - 2024” සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු උත්සවයදා…
වසත් සිරිය අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ අනුරාධපුර මරදන්කඩවල මාධවී ප්‍රාර්ථනා ජයලත් ද මෙහි වෙයි.
advertistmentadvertistment
advertistmentadvertistment