අටවිසි මහා ධන යෝග

4082

ගුරු ග්‍රහයා මීන රාශියේ සිටීමෙන් භූමිපාල යෝග යෙදේ. උසස් නිලතලවලට හිමිකම් ඇත්තේය. බුද්ධිමත්කම නිසා එම තත්ත්වයට යයි රජ සැප හා සමානව සැප විඳී.

  1. ලග්නාධිපති 2, 4, 5, 7, 9, 10, 11 භාවවල තැන්පත්ව එම තැන්පත් භාවාධිපතීන් ලග්නයේ සිටීම (යෝග සංඛ්‍යාව 7කි)
  2. දෙවැන්නාධිපති දෙවැන්නේ සිටීම (යෝග සංඛ්‍යාව 6කි)
  3. හතරවන භාවාධිපති 5, 7, 9, 1, 0, 1, 1 භාවයක එම තැන්පත් භාවාධිපති 5 වැන්නේ සිටීම (යෝග සංඛ්‍යාව 5කි)
  4. පස්වන භාවපති 7, 9, 10, 11 භාවයක තැන්පත්ව එම තැන්පත් භාවාධිපති 5 වැන්නේ සිටීම (යෝග සංඛ්‍යාව 4කි)
  5. හත්වන භාවපති 9, 10, 11 භාවයක තැන්පත්ව එම භාවපති හත්වැන්නේ සිටීම (යෝග සංඛ්‍යාව 2කි)
  6. නවවන භාවාධිපති 10, 11 භාවයක තැන්පත්ව එම තැන්පත් භාවපති 9යේ තැන්පත් වීම (යෝග සංඛ්‍යාව 2කි)
  7. නවය භාවපති දහයේ දහය භාවපති නවයේ තැන්පත් වීම යෝග සංඛ්‍යාව එකකි.

රවි සිංහ රාශියේ සිටීම උපේන්ද්‍රා යෝගයයි. මහත් අභිමානයෙන් කාටවත් යටත් නොවී සිටියි. මේ අය එඩිතරයි.

ගුරු ග්‍රහයා මීන රාශියේ සිටීමෙන් භූමිපාල යෝග යෙදේ. උසස් නිලතලවලට හිමිකම් ඇත්තේය. බුද්ධිමත්කම නිසා එම තත්ත්වයට පත්වේ රජ සැප හා සමානව සැප විඳී.

සඳු කටකයේ කුලිර යෝග යයි. ඉතා අධික ලෙස රාජ්‍ය සම්මාන ලැබේ. දැසි දැස්සන්, ගවයන්, මුතු, මැණික් සමග මනා හික්මීමෙන් කටයුතු කරන පුද්ගලයකු වන්නේ ය.

රණහංස යෝගය ගුරු ධනු වේ සිටීමෙන් යෙදේ. ඉතා යහපත් ප්‍රීතිමත් ජීවිතයකට හිමිකම් කියයි.

පියුමාකාර යෝගය (සිකුරු තුලාවේ) දීමනා, අවබෝධයකින් හා ඉතා ධනවත් අයට පිහිටයි.

මහාභාග්‍ය යෝගය – රාත්‍රී කාලයේ ස්ත්‍රී උපතක් සිදුවී චන්ද්‍රයා සිටින රාශිය සහ රවි සිටින රාශිය ස්ත්‍රී රාශීන් වූයේ නම් මහා භාග්‍ය යෝගය උදා කෙරේ. දහවල් කාලයේ පිරිමි උපතක් වී සඳු හා රවි සම රාශිවල සිටීමෙන් ද මෙම යෝගය උදාවේ.

විමලා යෝගය – දොළොස් වැන්නාධිපති දොළොස්වැන්නේ සිටීම මෙම යෝගය යෙදේ.

හර්ෂ යෝගය – හය වැන්නාධිපති හය වැන්නේ සිටීමෙන් යෙදේ.

සරලා යෝගය – අට වැන්නාධිපති අටවැන්නේ යෙදේ. බුද්ධි මහිමය, සතුරු විනාශය එඩිතර භාවය ඇති කරයි.

තිලෝචනා යෝගය – සඳු කටක රාශි ගතව සිටිය දී මේ සඳු කුජ ඔවුනොවුන්ගේ ත්‍රිකෝණ ගත වීම නිසා ත්‍රිලෝචන යෝගය යෙදේ.

රවි ගුරු යෝගය – ලග්නය 9, 1, 0, 11 යන මෙයින් එක් රාශියක රවි සහ ගුරු දෙදෙනා එක්ව සිටි කල යෙදෙනුයේ රවි ගුරු යෝගයයි. එවැනි යෝගයක් ලැබූ තැනැත්තා ඉතා කීර්තිමත් පුද්ගලයෙකි. එමෙන්ම අඥාදායකත්වයේ බලයෙන් යුක්තය.

සතිසදා යෝගය – ලග්නයෙන් 5, 6, 10, 11 වන කුමන රාශියක සඳු ශනි එකතු වී සිටීමෙන් මෙම යෝගය යෙදේ. ඉතා උසස් පවුලක ඉපදීම, වාසනාව ලැබීම හොඳ තත්ත්වයක් ඇතුව රජ කමට පවා පත් වීමට හැකියාව තිබේ.

රවි බුධ යෝගය – ලග්නයේ 4 හෝ 8 වැනි රාශියක රවි බුධ එකතු වීමෙන් මෙම යෝගය නිසා ඉතා ධනවත් පුද්ගලයන් වෙයි. එමෙන්ම මෙම පුද්ගලයන් රජවරුන්ට සමාන තත්ත්වයක් ඉසිලීමට හැකි අය වෙයි.

කුජ ශනි යෝගය – ලග්නය 2, 4, 9, 10 යන මෙයින් ඕනෑම එකක යෙදේ. මෙම යෝගය ලබන පුද්ගලයා ඥානවන්ත, නෑදෑයන් සමූහයා පිරිවරා ගෙන ඉතා සතුටින් ජීවිතය ගෙන යන්නෝ ය.

ගුරු සඳු යෝගය – නීචරාශි හැර අනෙක් රාශිවල යෙදේ. ධනවත් විනීත ගතිපැවැතුම්වලින් යුක්තය.

රවි ශනි යෝගය – 2, 6, 9 යන රාශිවල යෙදේ. කිර්තිමත් ඉතා සැපවත් මෙන්ම සාර්ථක ජීවිත ගතකරනු ලබයි.

බුධ චන්ද්‍ර යෝගය – ලග්නය 3, 6, 8, 12 යන රාශිවල දී යෙදේ. කලාවේ දක්ෂයෝ ය. විශේෂයෙන්ම කාව්‍ය කරනයේ දක්ෂයෝ ය. ධනවතුන් ද මේ අනික් රාශිවල සිටීනම් සුබ නැත.

බුධ සිකුරු යෝගය – සියලු කලාවන්ට දක්ෂයන් මෙම යෝගයෙන් බිහිවෙයි.

රවි මේෂයේ මයුරපාල යෝගයයි.- ගවයන්, ධන ධාන්‍ය හා කෙත්වතු ලබා සැප විඳී.

ජය යෝගය – සෙනසුරා කුම්භ රාශියේ රාජ්‍ය තනතුරු ලැබීම, ශරීර ශක්තිය ලැබීම, මහා මන්දිර පවා හිමිවේ. වර්ගයාට නායකයකු ද වේ.

ශ්‍රී කාන්තා යෝගය – සෙනසුරු මකර රාශියේ සේනා සම්පත් ශරීර ශක්තිය හා බලය ලැබේ.

ශ්‍රී නාථ යෝගය – 9,10 අධිපතියන් පුණ්‍යස්ථාන ගත වීමෙන් සහ අධිපති උච්ච වීමෙන් යන දෙකම එකවර යෙදීම නිසා ඇතිවේ. ශ්‍රක්‍රයාට සමාන සම්පත් ලබයි.

සෞභාග්‍ය යෝගය – ගුරු උච්චව සිකුරු සමග දහ වැන්නේ සිටීම සෞභාග්‍ය යෝගය යෙදේ.

ජයසිඳු යෝගය – ගුරු කටකයේ ජයසිඳු යෝගයයි.

ගුරු හංස යෝගය – උච්ච ගුරු කේන්ද්‍රස්ථාන ගත වීමෙන් මෙම යෝගය යෙදේ.

සඳු රවිට කේන්ද්‍රගත වීමෙන් විශේෂ චන්ද්‍ර යෝගය වේ.

සතර රාජ යෝග යෙදෙන හැටි –

ලග්නධිපති ලග්නයේ සහ කර්මස්ථානාධිපති කර්ම ස්ථානයේ සිටීමෙන් දෙදෙනා ස්ථාන මාරු කරගෙන යෝගව ලග්නයේ හෝ දහයේ සිටීමෙන් යෙදේ.

දීප්ති යෝගය – රාහු, කේතු දෙදෙනාගෙන් පිටස්තරව එක් ග්‍රහයකු සිටීමෙන් යෙදෙති.

චාමර යෝගය – උච්චවූ ලග්නාධිපති කේන්ද්‍ර ස්ථාන ගතව කල්හි ගුරු විසින් දකී ද චාමර යෝගයයි. අනික ශුභ ග්‍රහයෝ දෙදෙනෙක් ලග්නයේ හතේ හෝ දහයේ සිටීමෙන් මෙම යෝගය යෙදේ.

කීර්ති ශ්‍රී ලංකා පුත්‍ර
දේශකීර්ති දේශශක්ති, ජ්‍යොතිෂ විද්‍යා විශාරද
ආර්. එම්. කරුණාරත්න
077 843 3319 / 071 980 3146

advertistmentadvertistment
advertistmentadvertistment