ගෙදරක ව්‍යාපාර ස්ථානයක හදිසි වෙනස්වීම් තිබෙනවද ?

70

සූර්යයා වටා ග්‍රහලෝක වශයෙන් සඳු, අඟහරු, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු හා කේතු වශයෙන් ග්‍රහලෝක 9 ක් කැරකෙනවා. පෘථිවියත් ඒ අතරම වනවා. අපට නොතේරුණාට අපිවත් රැගෙන විශාල වශයෙන් පෘථිවිය කැරකෙනවා. ග්‍රහලෝක එකිනෙක වෙනස්ව විශ්වයේ පිහිටියට ප්‍රේත – භූත කියලා වෙනම ම ලෝක නැහැ.

මේ මනුෂ්‍යා ජීවත්වන ලෝකය තුළම විශ්වාසය පෙරදැරි කරගෙන එක එක බලවේගයන් පවතිනවා. ඒක හැමදෙනාම පිළිගත් කාරණාවක්. ඇත්තටම කිව්වොත් චුති චිත්තය මතට මීළඟ භවය ලබනවා. වස්තු නිධාන සම්බන්ධව නිධන් වදුලේ අදහස් කර ඇති විස්තර වලින්ම මේවා ඔප්පු වෙනවා.

ප්‍රේතයා කියන්නෙ, භූතයා කියන්නෙ ස්ථිර ආත්මයක් නොලැබූ අතරමන් වූ ප්‍රාණ ආත්ම. සමහරවිට මේ ආත්ම තුන්මන්සල්වල, සිව්මන්සල්වල, පාළු ස්ථානවල, සොහොන් පිටිවල සැරිසැරීමට සැරියුත් මහරහතන් වහන්සේ අවසර දී තිබෙනවා. මේ අයටත් එක එක ශක්ති නැතිවාම නොවේ. ඒ අය වැඩිපුරම මේ තත්ත්වයට පත්වන්නෙ පිං කළ හැකි භවයෙදී කළ කුසල් කර්ම අඩුවී අකුසල කර්ම වැඩිවූ විටයි. අපි ජීවත්වූ කාලය තුළ එක කුසලයක් හෝ කෙරිය යුතුමයි කියන්නෙ ඒ නිසාමයි. විශේෂයෙන් ප්‍රේතයා හෝ භූතයාට කිසියම් දෙයක් නොලැබීම, නැත්නම් නොලැබී යෑම නිසා චුති චින්තනයේදී එය මෙනෙහි වූ විට එයින් ඇතිවූ චිත්ත පීඩාව සමග තණ්හාව නිසා මීළඟ ආත්මයේදී ප්‍රේත හෝ භූත ආත්ම ඇති වෙනවා. උදාහරණ වශයෙන් අපි හිතමු බොහෝ මුදල්, ඉඩකම්, ආහාර පාන තිබූ කෙනෙක් ඉන් සම්පූර්ණ ප්‍රයෝජනය ගැනීමට පෙර මිය යනවා. ඊට ප්‍රථම මරණාසන්න මොහොතේ මෙය සිහිවී ඇති කරගත් වෛරය, තරහව සමගයි මිය යන්නේ. ඔබ දැකලා ඇති සමහර අය මරණාසන්නයේ යමක් කියන්ට තැත් කරනවා. නමුත් බැරි වෙනවා. තවත් සමහරු චිත්ත වේදනාවෙන් ඇඹරෙනවා. කිසිත් නොකියා මැරෙනවා. සමහර අය දීර්ග කල්පනාවෙන් ඔහුගේ දේපොළ/වස්තු සිහිකරමින්ම පණ යනවා. මේ ඔක්කොම ප්‍රේත භූත ආත්මවලට යනවා. ඉන් සමහර කොටසකට පිං අනුමෝදන් විය හැකියි. සමහරුන්ට බැහැ. නමුත් කරන ලද කුසලා/කුසල අනුව ප්‍රතිඵල තමුන් විසින්ම ගෙවන්න ඕන බව බුදු දහමේ උගන්වනවා. මතකනේ මල්ලිකා දේවියාගේ කතා පුවත. ඉතා පැහැදිලිව බෞද්ධ පොත්වල සඳහන් වෙලා තියෙනවා. කොච්චර පිංකම් කළ කෙනෙක්ද? එක සතියක් නිරයේ උපන්නාලු.

ගෙදරක ව්‍යාපාර ස්ථානයක හදිසි වෙනස්වීම් තිබෙනවද ?

වෛද්‍ය විද්‍යාවේ තිබෙනවා වගේ කිරුම් මිනුම්වලින් ඔප්පු කරන්නට බැරි උනාට මේ වගේ දෘශ්‍යමාන, අදෘශ්‍යමාන බලවේග විශ්වයේ තිබෙනවා. යහපත් විදියට සැරි සරන අයත් නැතිව නොවේ. නමුත් එවැනි අය මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලබන්නෙ ඉතාම කලාතුරකින්. සමහර හවුල් ව්‍යාපාර තිබෙනවා කිසිම හේතුවක් රහිතව හිටි හැටියේම කඩා වැටෙනවා. බටහිර ඇත්තො නම් මේ හොල්මන්, ප්‍රේත, භූත ආකර්ෂණය විශ්වාස නොකරනවා යැයි විශ්වාසයක් පැවැතුනත් ඒක මිත්‍යාවක්. ඒ අයගේ කාටහරි අවශ්‍ය වූ අවස්ථාවක මේ වතාවත් ගුප්ත වේදයට කියලා කරවා ගන්නවා, හැබැයි අප්‍රසිද්ධියේ. ඒ විතරක් නොවේ, වැඩිපුරම කතෝලික ආගමේ බොහෝදෙනෙක් ඒ වගේ තමයි. ඒක වගකීමෙන් හා අත්දැකීමෙන් ලියන්නේ.

සමහර රටවල් වල හොල්මන්, ප්‍රේත, භූත විෂයක් හැටියට පරීක්‍ෂණ පවත්වනවා. ඒ ආකාරයට පරීක්‍ෂණ පවත්වන ආයතන පවා තිබෙනවා. බටහිර ජර්මනියේ කොලෝන්ස් කියන ගම්මානයේ මේ විෂය තිබෙනවා. පරීක්‍ෂණත් කරනවා. එසේ හොල්මන් ප්‍රදේශ, ගෙවල් ඒ විදියටම පවත්වාගෙන යනවා. ඒ පැත්තේ ඒ ගෙවල් වෙනස් කරන්නේ නැහැ. අලුත්වැඩියා කරන්නේ නැහැ. හැමදාම ගරා විටිලා. ඒ ප්‍රදේශයම ජනාවාසයෙන් තොරයි. මිනිසුන් තනියෙන් ඇවිදින්නෙත් නැහැ. මහා මූසල පරිසරයක්. මේ විස්තර වගකීමෙන් සඳහන් කරනවා. මෙහි සිදුවන විපර්යාස, ජීවින්, අති ප්‍රබල කැමරා කාචවලත් සටහන් වෙනවා.

යහපත් ලෙස කාලා බීලා තම ව්‍යාපාරවල නිවැරැදිව නිරතවෙලා සිටි සමහර පවුල් එකපාරටම කඩා වැටෙනවා. පවුලේ සමගිය නැතිවනවා. දරුවන් අතර තිබූ, දෙමහල්ලන් අතර තිබූ සමාදානය අඩපණ වෙනවා. අඩපණ වනවා නොවේ අඩපණ කරනවා. ඒවා ප්‍රේතයාගේ වැඩ. සමහර ස්ථානවල නිවාදමා තිබූ විදුලි බුබුළු දැල්වෙනවා. ඒවා අමතකවීමකින් උනා යැයි සිතා බොහෝදෙනා නිහඬවනවා. රාත්‍රි කාලයට කවුදෝ ඇවිත් ඡායාව පෙනෙනවා ශබ්ද ඇහෙනවා බැලුවාම කවුරුත් නැහැ.

ඔබ දැකලා ඇති අහලා ඇති සමහර පරණ බැංකු, මූල්‍ය ගොඩනැඟිලි වල රාත්‍රී කාලයට උඩුමහලේ ආරක්ෂක නිලධාරීන් ඉන්ට කැමති නැහැ. රාත්‍රී කාලයට විශේෂයෙන් රාත්‍රී යාමයට කව්දෝ මුදල් ගණන් කරනවා, කව්දෝ කතා කරන හඬ දෝංකාර දෙනවා. සමහර වෙලාවට කව්දෝ ස්නානය කරනවා. දෙදෙනෙක් ගිහිල්ලා බැලුවාම කවුරුත් නැහැ. මේවා වැඩිපුරම පවතින්නේ අරක්ගත් ස්ථානවල. ඒ කිව්වේ මුල් කාලවලදී මේ සඳහා මූලික පියවරවල් නොගත් ස්ථානවලදී, හදිසි මරණ වන ස්ථානවලදී, සියදිවි හානිකරගන්නා

ස්ථානවලදී, සිදුවන මරණ ටිකක් භයානකයි. මේ අයට කිසිදු පිං අනුමෝදනාවන්ට බැහැ. කොපමණ ජනාකීර්ණ ප්‍රදේශයක් උනත් කොළඹ – ජාවත්තෙ එක්තරා නිවසක රාත්‍රී 10න් පසුව කොහේදෝ සිට අතරමගදී ලස්සන ගැහැණියක් කුලී රථයකට නැගවිත්, මේ නිවසට ගොසින් උඩුමහලට යනවා. මුදල් දෙන්ටවත් පහළට බසින්නේ නැහැ. මද වේලාවකට පසු ඇගේ ස්වාමියා විත් ඒ මගේ මියගිය නෝනා කියලා ගාස්තුව දෙනවා. මේ ප්‍රේත සරදම්. මේ ප්‍රේත වර්ගය කාටවත් රිදවන්නෙ නැහැ. නමුත් සිද්ධිය දැනගන්න අයට සිහිය නැතිවනවා. ඒ අය භයවෙනවා. මේ අයට පිං දුන්නට පින් අනුමෝදන් වන්නෙත් නැහැ. මේ ප්‍රේතයෝ ඉවත් කරන්ට වන්නෙ ප්‍රේත තටුවක් දීමෙන්ම පමණයි. ඒක එම ස්ථානයේදීම කළ යුතු වනවා. මේ ප්‍රේත තටුවට නොඉඳුලෙන් බත්, පළතුරු, කැවිලි, බුලත්, සුරුට්ටුවක් වැනි සියලුම දේ තැබිය යුතුයි. ගැහැණු ආත්මයක් නම් ඒ අයට පලඳනාවක් තබන්න ඕනෑ.

ඔබේ නිවසේ මෙවැවැනි කරදර තිබේ නම් ඔබ ප්‍රථමයෙන් පිරිසිදු සාම්බ්‍රානි ටිකක් ගෙන පිරිමි පොල්කටු 4 ක් ගිනිබත් කර මුළු නිවසටම දුම් අල්ලන්න. ඔබේ ආගමේ හැටියට කිසියම් ගාථාවක් හෝ ඔරිසමක් කියමින්. එතකොට දින 3 ක් උදේ සවස කරනකොට තාවකාලිකව නවතීවි. දැන් හඳුනාගන්න ඒ කරදර ඇති කළේ ප්‍රේතයො බව. දෙවනුව හඳුනාගත් බලවේගයනට උචිත දේ කරවාගන්න. මේවා ගොඩක් මුදල් වැයවන දේවල් නොවේ.

බොහෝවිට ප්‍රේතයා/භූතයා අපේ දියුණුව කඩන්නේ. ඒ අය හැම තිස්සෙම පීඩිතව ඉන්නෙ. බඩගිනි අයට පිං දීලා හරියන්නෙ නැහැ. අවශ්‍ය දේ දෙන්ට ඕනෑ. මේ ප්‍රශ්න ලංකාවේ විතරක් නොවේ තිබෙන්නේ. පිටරටත් ඕනෑ තරම් තිබෙනවා. අපි ප්‍රතිකාර කරන්ට ඕනෑ මුදල් බලාපොරොත්තුවෙන්ම නොවේ. ශාස්ත්‍රය ඉදිරියට ගෙනියන්ට අපි උත්සාහ ගන්ට ඕනෑ.

ගෙදරක ව්‍යාපාර ස්ථානයක හදිසි වෙනස්වීම් තිබෙනවද ?

පාරම්පරික ජ්‍යොතිෂවේදී/ගුප්ත විද්‍යා
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
මොරටුව
077 987 0007 – 072 217 4553

advertistmentadvertistment
advertistmentadvertistment