අද රාත්‍රී සිට තද වැසි

286

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් පළාත් කිහිපයකට අද (02) රාත්‍රී කාලයේ සිට අනිද්දා (04) දක්වා තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් මෙම වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේල නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර උතුරු පළාතේත්, මහනුවරල හම්බන්තොට සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතරල සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්‍ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත්ල මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරමක තද සුළං ඇතිවන අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශද රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment