අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ පළමු සමුළුව ජුනි 17 සිට 21 දක්වා

41

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඕස්ටේ්‍රලියානු, නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව ජුනි 17 සිට 21 දක්වා බත්තරමුල්ල දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්වේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙය සංවිධානය කරයි.

ලොව පුරා තෙත්බිම් උද්‍යාන 70කටවැඩි සංඛ්‍යාවක රටවල් 15ක නියෝජිතයෝ 100කට ආසන්න පිරිසක් ඊට සහභාගි වෙති. ශ්‍රී ලංකාව, කොරියාව, මොංගෝලියාව, පිලිපීනය, ජෝර්දානය, මියන්මාරය, නවසීලන්තය, නේපාලය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, පකිස්තානය, තායිවානය, එක්සත් රාජධානිය සමුළුවට සම්බන්ධවන රටවල් 15 වේ.

‘පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා තෙත්බිම් හා තෙත්බිම් මධ්‍යස්ථානය’ යන්න සමුළුවේ තේමාවයි. තෙත්බිම් සංරක්ෂණය හා තිරසාර කළමනාකරණ්‍ය සංවර්ධනය කිරීම හා සහයෝගිතාව වර්ධනය කිරීම සමුළුවේ අරමුණයි.

17 දින අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි දී ආරම්භ වේ. තෙත්බිම් උද්‍යානය අභයභූමියක් ලෙසත් තීරණාත්මක ගංවතුර රැඳවුම් ප්‍රදේශයක් ලෙසත් ක්‍රියාත්මක වේ. මෙම උද්‍යානය තුළ පක්‍ෂි විශේෂ 148 (සංක්‍රමණික 50), මත්ස්‍ය විශේෂ 15ක්, සමනල විශේෂ 40ක්, බත්කූරු විශේෂ 28ක්, උරග විශේෂ 28ක් හා ක්‍ෂීරපායි විශේෂ 07ක් ඇතුළු විශේෂ 250ක් පමණ වේ. නාගරික හඳුන්දිවියා වාසය කරන ස්ථානයක් ලෙසද මෙම උද්‍යානය හඳුන්වා ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment