අන්තරේ කැඳවුම්කරු ඇතුළු 6කට විදෙස් ගමන් තහනම්

212

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු හයදෙනකුට විදේශ ගතවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25දා) තහනම් නියෝගයක් නිකුත් කළේය.

වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, රංගන ලක්මාල්, එරංග ගුණසේකර, ජීවන්ත පීරිස් පියතුමා හා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං යන හයදෙනාට පැනවූ එම තහනම් නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා හා ගුවන් තොටුපළ නිලධාරීන් වෙත යැවීමටද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

පසුගිය ජුනි 09 වැනිදා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවකදී පොදු දේපළ වලට හානි කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පෙන්වා දෙමින් කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය කරනු ලැබීය.

ඒ. ජේ. ඒ. අබේනායක
 


advertistmentadvertistment