අපේ කිල්මිසා ඉන්දියාවේ කිරුළ දිනයි

483

දකුණු ඉන්දීය රූපවාහිනී මාධ්‍යයක ළමා සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනා ගැනීමේ වාසනාව යාපනයේ කිල්මිසා උදයශීලන් නමැති දැරියට හිමි වී තිබේ.

දකුණු ඉන්දියාවේ එක් රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ ‘සරිගමප’ නමැති වැඩසටහනට ගීත ගායනා කර පළමු ස්ථානය දිනාගනිමින් සංගීත ලොවේ කිරුළු පැළඳීමට 17 දා රාත්‍රියේ කිල්මිසා සමත් වූවාය. ඇය සමග ශ්‍රී ලංකාවේ අසනි නමැති තරුණිය ඇතුළු හයදහසක් පමණ මෙම ගීත ගායනා කිරීමේ රියැලිටි වැඩසටහනට සහභාගි වූ අතර ඔවුන් සියලුදෙනා අභිබවමින් යාපනයේ කිල්මිසා උදයශීලන් දැරිය එහි පළමු ස්ථානය හිමි කරගෙන තිබේ.

මෙය දකුණු ඉන්දියාවේ එම රූපවාහිනිය විසින් පවත්වා ගෙන ගිය රියැලිටි ගණයේ වැඩසටහනකි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment