අපේ ගෑස් කැණීම් ඇමෙරිකාවටදීම ආයෝජකයින් කැඳවීමට බාධාවක් – ඇමෙරිකානු ගෑස් හාදකමට මම විරුද්ධයි – රටට අවාසි ගිවිසුමකට මම අත්සන් කරන්නේ නෑ

497

ශ‍්‍රී ලංකාවට අවාසිදායක ගිවිසුමකට තමා නම් අත්සන් නොකරන බව ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අවාසිදායක කිසිදු ගිවිසුමකට ඛනිජ තෙල් ඇමැතිවරයා ලෙස තමන් අත්සන් නොතබන බවත් හෙතෙම කීවේය.

බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (29 දා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 වසර දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ‍්‍රී ලංකාවේ ගෑස් නිධි කැණීමට බාධාවක් වන බවය.

එහිදී ඇමැතිවරයා මෙසේද ප‍්‍රකාශ කර සිටියේය.

”නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගමට ගෑස් සැපයීම ආරම්භ වෙන්නේ 2023 සිට වසර පහකට. ඒ කියන්නේ 2023 – 2028 දක්වා තමයි ඒ අය ගෑස් සපයන්නේ. අපි හිතනවා මේ අවුරුද්දේ අග වෙද්දි වෙන්දේසිය පැවැත්වුවහොත් එතැන සිට වසර 3ක දී අපේ රටේ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ 2022 සිට ගත්තොත් 2025 සිට අපිට ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. හැබැයි අපේ විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ‍්‍රී ලංකාවේ ගෑස් නිධි කැණීමට විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට බාධකයක් ලෙස බලශක්ති ඇමැතිවරයා ලෙස මම දකිනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා වුණ සෑම අවස්ථාවකදීම අපේ අමාත්‍යාංශයට එය බලපාන ආකාරය පිළිබඳ අපි ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීලා තියෙන්නේ. අපිට ප‍්‍රශ්නේ තියෙන්නේ යුගදනවි බලාගාරයේ සියයට 40ක් නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගමට දීම නෙමෙයි. ශ‍්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය 2023 සිට වසර 5කට අමෙරිකානු සමාගමකට හිමිවීම, ඒ වගේම ටෙන්ඩරයක් ක‍්‍රියාත්මක වෙමින් තිබිය දී ගෑස් විෂය ගැන දන්න අය ඉන්නේ අපේ අමාත්‍යාංශයේ. නමුත් ගිවිසුම්වලට එළඹුණු කිසිම කමිටුවක අපේ අමාත්‍යාංශ නියෝජිතයෝ සිටියේ නෑ. අපි අමාත්‍යාංශය පැත්තෙන් විෂය දන්න අය හැටියට මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ දෙකක් ලබාදීලා තියෙනවා. තව නිරීක්ෂණයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මම දන්නේ නෑ ගෑස් ගිවිසුම කොච්චර කල් සාකච්ඡුා කරා ද කියලා. දවසින් දෙකින් බොහෝ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් වෙනවා. උන් කොන්දේසි ඉදිරිපත් කරනවා, අපි එකඟ වෙනවා, ගිවිසුම ගහනවා. අපේ රටට අවාසිදායක ගිවිසුමකට මම නම් අත්සන් කරන්නේ නෑ.”

එරික් ගාමිණි ජිනප‍්‍රිය
 

advertistmentadvertistment
advertistmentadvertistment