මාතර පාසල් අදත් – හෙටත් නිවාඩුයි

77

අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය සහ ගංවතුර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් තවදුරටත් අද (9 දා) සහ හෙට (10 දා) නිවාඩු ලබාදීමට මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කර ඇත.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට පසුගිය 5 වැනි බ්‍රහස්පතින්දා සහ 6 වැනි සිකුරාදා යන දින දෙක ද නිවාඩු ලබා දී තිබිණි.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.
පී. එල්. ජයවර්ධන – කඹුරුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment