අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්වලින් පැතුම්, මහීෂ් සහ චරිත් ඉදිරියට

160

පසුගිය 28 දායින් යාවත්කාලීන වූ අයි.සී.සී. ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින ශ්‍රේණිගත කිරීම් හි මීට පෙර එකොළොස් වැනි ස්ථානයේ පසුවූ පැතුම් නිස්සංක ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් 8 වැනි ස්ථානයට පැමිණ ඇති අතර, චරිත් අසලංක ද 16 වන ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 14 වැනි ස්ථානයට පැමිණ තිබේ.

කෙසේ වෙතත් එක්දින පන්දු යවන්නන් අතරේ මෙතෙක් 12 වැනි ස්ථානයේ පසුවූ මහීෂ් තීක්ෂණ 13වන ස්ථානය දක්වා එක් ස්ථානයක් පහතට වැටී ඇත.

එක්දින පන්දු යවන්නන් අතරේ මහීෂ් තීක්ෂණ එක් ස්ථානයක් පහතට වැටුනද විස්සයි විස්ස පන්දු යවන්නන් අතරේ 5 වන ස්ථානයේ පසුවූ මහීෂ් එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් සිව් වැනි ස්ථානයට පැමිණ තිබේ. වනිඳු සුපුරුදු ලෙස දෙවැනි ස්ථානයේම රැඳීමට සමත් වී තිබීම එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුබවාදී වනු ඇත.

කෙසේ වෙතත් විස්සයි විස්ස පිතිකරුවන් අතර ශ්‍රී ලාංකික පිතිකරුවකු ලබා ඇති ඉහළම ස්ථානයේ පසුවන්නේ කුසල් මෙන්ඩිස් වන අතර ඔහු ශ්‍රේණිගත කිරීම්හි 21ක් වැනි ස්ථානයේ පසුවේ.

මේ අතර වනිඳු හසරංග තවදුරටත් විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානය රැක ගැනීමට සමත්ව ඇත.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment