දෙවැනි ලෝක යුද්ධයෙන් පසු විශාලම සරණාගත කඳවුර යුක්‍රේනයේ

357

ඉකුත් වසරේ (2022) මාර්තු මාසයේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්‍රේන ජාතිකයන් මිලියන 8කට ආසන්න පිරිසක් එරටින් යාබද රටවලට පලා ගොස් ඇති බවත් තවත් මිලියන 5.3ක් පමණ දෙනා රට තුළම අවතැන් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානයේ හදිසි ආධාර පිළිබඳ සම්බන්ධීකාරක මාටින් ග්‍රිෆිත් පෙන්වා දෙනුයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුද වාතාවරණයකදී වැඩිම සරණාගතයන් සංඛ්‍යාවක් නිර්මාණය වී ඇත්තේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකාරකවරයාද වන ග්‍රිෆිත් නිව්යෝක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය අමතා පවසා ඇත්තේ යුක්‍රේනයේ ජනතාවගෙන් සියයට 40කට මානුෂීය ආධාර අවශ්‍යව ඇති බවයි. යුක්‍රේනයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින එරට වෙසෙන මිලියන 17.6ක් පමණ වන ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමේ සැලැස්මක් සකස් කිරීම සඳහා යුරෝ බිලියන 3.9ක් අවශ්‍ය බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment