අලුතින්ම චීන ඉන්ධන සමාගමකින් ‘තෙල්’ ජුනිවල!

452

චීනයේ සිනොපෙක් සමාගම ජුනි මාසයේ සිට මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්වීමට නියමිතව ඇතැයි බලශක්ති අමාත්‍යාංශය කියා සිටී.

එම සමාගමේ විශේෂ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණ ඊට අදාළ මූලික කටයුතු සොයා බැලීමෙන් පසු ඇමැති කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් හමුවේ මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

ඒ අනුව චීනයේ සිනොපෙක් සමාගමට මෙරට ඉන්ධනහල් යම් ප්‍රමාණයක් ලබාදෙයි. එම සමාගමට පිරිපහදු කළ ඉන්ධන මෙරටට ගෙනැවිත් ගබඩාකර බෙදාහරිමින් සිල්ලර වෙළෙඳාම් කටයුතු සිදු කළ හැකි ලෙස ගිවිසුම්ගත වීමට ද නියමිතව ඇත. ලබන මැයි මාසයේ මැද ගිවිසුම් අත්සන් කළ පසු දින හතළිස් පහක් ඇතුළත අදාළ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ද එම සමාගම තීරණය කර ඇත.

චීන සිනොපෙක් සමාගමට අමතරව තවත් විදේශ සමාගම් දෙකකට මෙරට ඉන්ධන අලෙවි කිරීමේ ගිවිසුම් ඉදිරි කාලයේ අත්සන් කිරීමට ද අමාත්‍යාංශය සැලසුම් සකස් කර තිබේ.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment