නල්ලූර් හින්දු විදුහල්පතිගෙන් පහරකෑ 14 හැවිරිදි සිසුවාට බරපතළයි

534

යාපනයේ නල්ලූර් හින්දු විද්‍යාලයේ දාහතර හැවිරිදි ශිෂ්‍යයෙකුට විදුහල්පතිවරයා විසින් පහර දීම නිසා එම ශිෂ්‍යයා බරපතළ ලෙස තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට 15 දා ඇතුළත් කොට තිබේ.

විදුහල්පතිවරයා පහරදීම නිසා සිසුවාගේ හිසට උරහිසට හා අත්වලට තුවාල සිදුව ඇති අතර පහරදීම නිසා සිසුවා දැඩි මානසික කම්පනයකටද පත්ව සිටින බව ඔහුගේ දෙමව්පියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.

විදුහල්පතිවරයා සිසුවාට පහර දී අත්තේ විදුහල්පතිවරයා විසින් නියම කරන ලද කාර්යයක් ඉටු නොකිරීම නිසා විදුහල්පතිවරයා කෝපයට පත්වීම නිසාය.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය කෝපායි අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය හා මානව හිමිකම් කමිටුව පරීක්ෂණ ආරම්හ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment