චීන නැව ගැන බලන්න ඉන්දියාවට තාක්‍ෂණය තිබෙනවා – ඉන්දීය නාවික ඇමැති

191

හම්බන්තොට වරායට පැමිණි චීන නෞකාව පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා ඉන්දියාව සතුව තාක්‍ෂණය ඇති බව එරට නාවික කටයුතු ඇමැති සර්බනන්දා සොනෝවාල් ප්‍රකාශ කර ඇත.

අගමැති නරේන්‍ද්‍ර මෝදිගේ උපදෙස් පරිදි අවශ්‍ය කටයුතු සිදුකෙරෙනු ඇති බව ඇමැතිවරයා සඳහන් කර තිබේ.

යුවාන් වෑන්ග් 5 නෞකාව ඊයේ (16 දා) පෙරවරු 8 ට හම්බන්තොට වරායට සේන්දුවිය. මෙය ලබන 22 වැනිදා තෙක් හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබෙනු ඇත.

2007 දී නිෂ්පාදනය කරන ලද මෙම නැව චීන ධජය යටතේ යාත්‍රා කරන පර්යේෂණ සහ සමීක්‍ෂණ නැවකි. මෙහි දිග මීටර් 222 ක් වන අතර. පළල මීටර් 25.2 කි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment