15 හැවිරිදි දැරියක් ගැබිනියක් කළ පෙම්වතා අත්අඩංගුවට

188

දඹගල්ල පොලිස් වසමට අයත් කොරටිය, පංගුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15 මාස 08 වයසැති දැරියක් ගැබිනියක් කළ ඇයගේ පෙම්වතා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු දඹගල්ල රුවල්වෙල ප්‍රදේශයේ පදිංචි පෙදරේරු වෘත්තියේ නිරතව සිටින 27 හැවිරිදි අයෙකි.

සැකකරු දැරිය සමඟ කලක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර දැරියගේ දෙමව්පියන් ඊට විරුද්ධ වී ඇත. පසුව පෙම්වතා විසින් ඇයව ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් අඹු සැමියන් ලෙස ජීවත්ව සිටියදී ඇය ගැබ්ගෙන ඇති බවට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු දඹගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. දඹගල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment