මගේ උත්තමාචාරය දිවයිනටම පමණයි

225

එඞ්මන්ඞ් රණසිංහ, උපාලි තෙන්නකෝන්, ආනන්ද මාරුතුගොඩ, ගයිරික පේරුසිංහ

දිවයින මා වෙනුවෙන් කරන ලද ආයෝජනයෙන් දිවයිනට ප‍්‍රතිලාභයක් ලබා දෙන්නට මට හැකිවී දැයි මම සමහර විට තනියම  කල්පනා කරමි’

 ඒ 1983 පෙබරවාරි මාසයයි’ උපාලි පුවත්පත් සමාගම මුහුණ දුන් දුෂ්කරම හා අසීරුතම අභියෝගයට ආයතනයේ අයිතිකරුවන් කළමනාකාරිත්වය මෙන්ම පුවත්පත් කලාවේදීහුද මුහුණ දී සිටියහ’ උපාලි විජයවර්ධන මහතාගේ අතුරුදන් වීමෙන් සියල්ලෝම අනාථ දරුවන් බවට පත්ව තිබිණි’

 ආයතනය ණය කන්දරාවක ගිලී තිබුණ අතර එහි වැඩිම කොටස පැවරී තිබුණේ හැටන් නැෂනල් බැංකුවටයි’ ලක්මණි විජයවර්ධන මහත්මියත්” සීවලි රත්වත්තේ මහතාත් මුදල් අධ්‍යක්‍ෂවරයා හා උපාලි පුවත්පත් සමාගමයේ ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස්ලි ධර්මරත්න මහතාත් එච්’ එන්’ බී’ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි රියෙන්සි විජේතිලක මහතා හමුවන්නට තීරණය කළහ’ නියෝජිත පිරිස පිළිගත් විජේතිලක මහතා විමසා සිටියේ පැමිණි කාරණය කුමක්ද යන්නයි’ we came to discuss about our company සමූහ ව්‍යාපාරයේ සභාපති සීවලි රත්වත්තේ මහතා පිළිතුරු දී සිටියේය’

 Which Company විජේතිලක මහතා නැවත ප‍්‍රශ්න කළේලූ’ about Upali Newspapers… රත්වත්තෙ මහතා මඳක් සිනාසුන විජේතිලක මහතා සඳහන් කර තිබුණේ oh… that company is now ours… යනුවෙනි’

 අප කණ්ඩායම තුෂ්ණිම්භූත වූයේලූ’

 ඒ වන විටත් ආයතනය සතු වත්කම්වලට වඩා දෙගුණයකටත් වැඩි මුදලක් එච්’ එන්’ බී’ ආයතනය විසින් ණය ලෙස ලබාදී තිබුණි’

 උපාලි විජයවර්ධන මහතා අගමැති ආර්’ පේ‍්‍රමදාස හා මුදල් ඇමැති රොනී ද මැල් සමග පිළිවෙළින් රටේ නායකත්වය හා මුදල් ඇමැතිකම වෙනුවෙන් සටන් ආරම්භ කර තිබිණි’ ජනාධිපති ජේ’ ආර්’ ජයවර්ධන සිහිනය නිර්මාණය කළත් අඩුම තරමින් උපාලි විජයවර්ධන මහතාව එ’ජා’ප’යේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට හෝ පත්කර නොතිබිණි’ රජයේ සියලූ බැංකු උපාලි ආයතනයට තහංචි දමා තිබූ යුගයේ නිර්භීතව ඉදිරිපත් වූ එච්’ එන්’ බී’ ආයතනය විශාල ණය ප‍්‍රමාණයක් අපට ලබාදී තිබුණි’ (මෙයින් අදහස් වන්නේ අනෙක් බැංකුවලින් අපට උදව් කර නොතිබුණ බව නොවේ’)

 උපාලි විජයවර්ධන මහතාගේ අතුරුදන් වීමෙන් පසු රොනී ද මැල් මහතා මිත‍්‍රශීලීත්වයේ දෑත දිගු කළ නමුත් ආර්’ පේ‍්‍රමදාස අගමැතිවරයා සමග තත්ත්වය සමථයකට පත් නොවීය’ මේ හේතුව නිසා දරුණු පීඩනයකට මැදිවූ උපාලි පුවත්පත් සමාගම මෙහෙය වන්නට ලක්මණි විජයවර්ධන මහත්මියට සිදුවිය’

 එක් පැත්තකින් එඞ්මන්ඞ් රණසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු දිවයින බලමුළුව දයාසේන ගුණසිංහ” දයාරත්න රණසිංහ හා උපාලි තෙන්නකෝන් වැනි අයවළුන්ගෙන් සමන්විත වූ අතර ඔවුහු මාධ්‍ය කලාවේ සටන්කාමීහු වූහ’ අනෙක් පැත්තෙන් විජිත යාපා හා ගාමිණී වීරකෝන් ද අයිලන්ඞ් බලමුළුවට නායකත්වය දුන් අතර අජිත් සමරනායක වැන්නෝද ඒ ගොඬේ වූහ’ මේ හේතුව නිසා එක් පැත්තකින් රජයටත් අනෙක් පැත්තෙන් පේ‍්‍රමදාස මහතාටත් මැදිවිණි’ සභාපතිනිය අනෙක් පසින් දිවයින හා දි අයිලන්ඞ් බළකායටත් සිරිමාවෝ නැන්දනිය නායකත්වය දුන් විපක්‍ෂයට මැදිවී සිටියහ’

 මේ තත්ත්වය ඇය මුහුණ දුන් ආකාරය අද සිහිපත් කරන විට එයට දිය හැකි නිර්වචනය ‘එය විශ්මයජනකයි’ යන්න නොවේ’ එහෙත් මේ මොහොතේ ඊට වචනයක් සොයා ගන්නට මට නොහැකි විය’

 ආණ්ඩුවේ ලලිත්” ගාමිණි ප‍්‍රමුඛ පිරිසක් සහයෝගයෙන් කටයුතු කරන අතර තුර පේ‍්‍රමදාස හා රනිල් මතයන් ඊට වෙනස් විය’ කර්තෘ මණ්ඩලයේ අප ස්වාධීනත්වයට ගරු කළ සභාපතිනිය සිය නැන්දනිය වූ සිරිමාවෝ හෝ අනුර මස්සිනා පුම්බන්නට උපදෙස් දුන්නේ ද නැත’

 ඇය මුහුණ දී සිටි අසීරුතාවය මා වටහා ගත් අවස්ථා දෙකක් විය’ දිනක් පාර්ලිමේන්තුවේදී ලලිත් ඇතුලත්මුදලි ඇමැතිවරයාගේ නිල කාමරයේ දී මට දමිත් සිල්වා (ඇමැතිවරයාගේ නීති ලේකම්) ශර්මිලා පෙරේරා (ඇමැතිවරයාගේ ලේකම්වරිය) හමුවිය’ ඔවුන් දෙදෙනා මා රඳවාගෙන පුවත්පතේ ලලිත් ඇතුලත්මුදලි මහතා ගැන පළවූ පුවත් සම්බන්ධයෙන් නිර්දය ලෙස පුවත්පත විවේචනය කරන්නට වූහ’

 ”ඔයා ආපු එක හොඳයි’ මම ලක්මණිට මේක ගැන කියන්නත් හිටියෙ” පැවසූ දමිත් සිල්වා ඇයට දුරකථනයෙන් කතා කළාය’ ඊට සාවධානව සවන් දුන් සභාපතිනිය කියා සිටියේ ”දමිත් ඔයා ගයිරිකගෙන් උපාලිගෙද හොඳ යාලූවෙක්නෙ’ ඔයා ඒ අයත් එක්ක කතා කරගන්නැ’යි කියාය’

 තවත් දිනක අනුර බණ්ඩාරනායක මහතා සමග සාකච්ඡුාවකින් පසු සමහර කොටස් ඉවත් කරන්නැයි ඔහු මගෙන් ඉල්ලීය’ මම ඊට අකමැති වූයෙමි’

 ”හරි” ඔයා යන්න මම ලක්මණි එක්ක බලාගන්නම්” යන්න” ඔහු කියා සිටියේය’

 දින දෙකකට පමණ පසු සභාපතිනිය හමු වූ අවස්ථාවකදී සිනා පිරි මුහුණින් යුතුව ප‍්‍රශ්න කර සිටියේ මොකක්ද අනුරත් එක්ක පැටලිල්ල යනුවෙනි’ මම සිද්ධිය විස්තර කළෙමි’ ඇය සිනාසුනා පමණි’

 1982 පෙබරවාරි 1 වැනිදා ‘දිවයින’ට ඇතුළු වී 2002 මාර්තු 31 දා ඉන් පිටට යන තුරු මගේ ජීවිතයේ විශිෂ්ටතම කාලපරිච්ෙඡ්දය දිවයිනත් එහි සහෝදරයින් සමගත් ගත කළෙමි’ මා නීති විiාලයට සමත් වීමෙන් අනතුරුව නීති නේවාසිකාගාරයට ඇතුළුවීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත සඳහා එවකට සිටි විදුහල්පති කීර්තිමත් රඹුක්වැල්ල මහතා මා සාකච්ඡුාවකට කැඳවීය’ මා රැුකියාවක් කරන බව ඇසූ ඔහුගේ මුහුණ එකවර වෙනස් විය’ Low Collage එකට Apply කරද්දි ඒක සඳහන් කළාද ඔහු විමසීය’

 මම ‘ඔව්’ යැයි කීවෙමි’

 හොඳයි බලමු යැයි කී හෙතෙම මගේ ලිපි ගොනුව කැඳවීය’ අයැදුම්පත නිසි ලෙස සම්පූර්ණ කර තිබූ හෙයින් සතුටට පත්විය’

 ”හැබැයි ඔබ සේවය කරන ආයතනයේ සභාපතිවරයාගේ ලිපියක් ඕන” ඔහු ඔබව දේශනවලට සහභාගි වන්න ඉඩ දෙනව කියල” මම ඔළුව වනා පිටත් වුණෙමි’

 මේ ගැන මුලින්ම එඞ්මන්ඞ් රණසිංහ මහතාට වාර්තා කිරීමෙන් පසු ඔහු කියා සිටියේ මගෙන් ප‍්‍රශ්නයක් නෑ” ඒත් ගිහින් මිසිස් විජයවර්ධන එක්ක සාකච්ඡුා කරන්න කියායි’ ලිපියක් ලියාගත් මම ඊට දයාරත්න රණසිංහ හා එඞ්මන්ඞ් රණසිංහගේ අත්සන් රැුගෙන ඇය හමුවුණෙමි’

 ‘ඒ කියන්නෙ ඔයා අවුරුදු තුනක නිවාඩු දාන්නද යන්නෙ’ ඇය විමසුවාය’

 සවස් වරුවේ වැඩ කළ හැකි බව මම ඇයට පැවසුවෙමි’

 ඇය ඒ ලිපිය අත්සන් කෙරුවා පමණක් නොව 1992 දී නීතිවේදියකු ලෙස දිවුරුම් දුන් දිනයේ ඇයට ඒ බව දැනුම්දුන් අවස්ථාවේදී ඇයත් සමග මූල්‍ය අධ්‍යක්‍ෂ ලක්‍ෂ්මන් පෙරේරා ද ඒ අසල විය’

 මට සුබපැතූ ඇය ලක්‍ෂ්මන් දෙසට හැරී පැවසුවේ ලක්‍ෂ්මන් මේ තමයි අපේ අලූත් ලීගල් ඔෆිසර්’ මෙයාට සුදුසු දීමනාවක් පඩියට අමතරව ගෙවන්න’ හොඳ කාමරයකුත් හොයා දෙන්න කියායි’

 මම විශාඛාවෙත්” ආනන්දයේත් පැසිපන්දු පුහුණුකරු ලෙස 1984 සිට කටයුතු කරද්දී එඞ්මන්ඞ් රණසිංහ මහතාවත්” උපාලි තෙන්නකෝන් මහතාවත් දයාරත්න රණසිංහ මහතාවත් ලෙස්ලි ධර්මරත්න මහතාවත් සවස 2’00 සිට මා කාර්යාලයෙන් අතුරුදන්ව සිටින්නේ මන්දැයි මගෙන් කිසි දිනක නිදහසට කරුණු විමසුවේ නැත’ ඒ වෙනුවට පැසිපන්දු තරග සඳහා මා විදේශගත වන හැම අවස්ථාවකදීම ආයතනයේ මුදලින් මට දිනකට ඩොලර් 100 බැගින් වූ දීමනාවක් ගෙවනු ලැබීය’

 මාධ්‍යවේදියකු සහ නීතිඥයකු ලෙස සැබවින්ම මා උපත ලැබුවේ දිවයින පුවත්පත හා උපාලි පුවත්පත් සමාගම තුළ බව මම කෘතඥතා පූර්වකව සඳහන් නොකළහොත් එය මහත් අකෘතඥකමක් වනු ඇත’

 මා ජාතික පැසිපන්දු පුහුණුකරු ලෙස කණ්ඩායම් භාරගෙන කටයුතු කරන විටත් ආසියානු පැසිපන්දු සංගමගේ නීති උපදේශකවරයා ලෙස තනතුර භාරගෙන ආසියාව පුරා රවුම් ගසන විටත් මට භාරදුන් වගකීම් හා රාජකාරි හරියට සිදුවන්නේ දැයි ප‍්‍රශ්න කිරීමට ඉඩ නොතබා මම කටයුතු කළෙමි’ දිවයින නිසා මට ඔස්ටේ‍්‍රලියා මහාද්වීපය හැර අනෙක් හැම මහාද්වීපයකම සංචාරය කරන්නට අවස්ථාව උදාවිය’ එදා මම මට උපරිම අයුරින් දිවයිනට සේවය කළෙමි’

 සමහර දිනවල පාන්දර 2’00 ට වැඩ ඉවර කර ගෙදර යන මම පසුදා උදේ 9’00 ට වැඩට පැමිණෙමි’ දිවයින හැර යෑමෙන් පසු රටේ ප‍්‍රධාන රූපවාහිනි ආයතන දෙකකත්” පුවත්පත් ආයතන දෙකකත් ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නට අවශ්‍ය පන්නරය මට ලබාදුන්නේ දිවයිනත්” ලක්මණි විජයවර්ධන” එඞ්මන්ඞ් රණසිංහ” දයාරත්න රණසිංහ” දයාසේන ගුණසිංහ හා උපාලි තෙන්නකෝන් ඇතුළු දිවයින බලඇණියයි’

 දිවයින මා වෙනුවෙන් කරන ලද ආයෝජනයෙන් දිවයිනට ප‍්‍රතිලාභයක් ලබා දෙන්නට මට හැකිවී දැයි මම සමහර විට තනියම කල්පනා කරමි’

 * ගයිරික පේරුසිංහ



 

advertistmentadvertistment
advertistmentadvertistment