විශ‍්‍රාම වැටුප් ඉල්ලා අනුරාධපුරයේදී හැරමිටි උද්ඝෝෂණයක්

244

2016/01/01 සිට 2019/12/01 දක්වා විශ‍්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට ගෙවීමට තිබූ වැටුප් වත්මන් රජය විසින් මෙතෙක් නොගෙවීමට එරෙහිව ඊයේ දහවල් (26) අනුරාධපුර දී විශ‍්‍රාමිිකයන් විසින් හැරමිටි උද්ඝෝෂණයක් පවත්වන ලදී.

අනුරාධපුර නගරයේ ඞී.එස්. වටරවුම අසලදී මෙම උද්ඝෝෂණය ආරම්භ කර බැංකු නගරය වටරවුම දක්වා හැරිමිටි වාරුවෙන් උද්ඝෝෂකයන් ගමන් කලේය.

2020 වසරේදී ගෙවීමට නියමිතව තිබු මෙම වැටුප් ගෙවීම පිළිබ`ද මහා භාණ්ඩාගාරයේ එක`ගතාව මත විශ‍්‍රාම වැටුප් ප‍්‍රදාන පත‍්‍රය මගින් ද තහවුරු කර තිිිබු මෙම වැටුප ගෙවීම රජය විසින් පැහැර හැරීම පිළිකුල් සහගත ක‍්‍රියාවක් බව උද්ඝෝෂකයන් පැවසීය .

2016/01/01 සිට 2019/12/01 දක්වා විශ‍්‍රාම ගිය විශ‍්‍රාමිකයන් එක් ලක්ෂ අටසිය හැට නව (100869) දෙනකුට විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ප‍්‍රදාන පත‍්‍රයේ ස`දහන් කර සියලූ‍ විශ‍්‍රාමිකයන්ට ලබා දී තිබේ. මෙය නිත්‍යානුකුල පොරොන්දු පත‍්‍රයක් ඒ අනුව වහාම එම වැටුප් ගෙවන ලෙස ඉල්ලා ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

විශ‍්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

නොච්චියාගම -එම්.එම්.පී.ජී.පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment