අවුරුද්දට ගමේ යන්න අමතර බස් 300ක්

85

අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ අවුරුදු බස් රථ සේවාව අද (13 වැනිදා) දිනයේ ද ක්‍රියාත්මක බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් අමතර බස් රථ 300ක් යොදවා ඇතැයි ද එම අධිකාරිය කියයි.

එලෙස ගම්බිම් බලා යන මගි ජනතාවට නැවත කොළඹට ඒමට බස් රථ අප්‍රේල් 16 වැනිදා සිට ක්‍රියාත්මක බව ද එම අධිකාරිය පවසයි.

මේ අතර අවුරුද සමය වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවා අද දිනයේ ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment