ඉන්ධන මිල අඩු නිසා මාළු මිලත් 25%කින් පහළට

179

ඉන්ධන මිල අඩුවීමේ වාසිය ධීවර කාර්මිකයන්ටත් ලැබී තිබෙන හෙයින් මාළු මිල සියයට විසිපහකින් පමණ අඩුවෙනු ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ‘දිවයින’ට (30 දා) ඊයේ කීවේ ය. ඈත මුහුදේ දී ට්‍රෝලර් යාත්‍රා මගින් මසුන් ඇල්ලීමට යන ධීවරයන්ට මෙන්ම බෝට්ටුවලින් මසුන් ඇල්ලීමට යන ධීවරයන්ට සිය යාත්‍රා සඳහා ඉන්ධන වෙනුවෙන් වැයවෙන මුදල් ප්‍රමාණය අඩුවීම නිසා මාළු මිල අඩුවෙන බවද හෙතෙම පැවසීය.

මේ හැර විවිධ පළාත්වලට ලොරි ඇතුළු වාහනවලින් මාළු ප්‍රවාහනය කරද්දී පවා ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට දිය හැකි බවද ඔහු කීවේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment