අස්වැසුම කැපුවැයි සිත්තැවුලෙන් පස් දරු පියා ගසකට නැග ගෙලවැලලා ගන්න හදයි

1059

අස්වැසුම දීමනාව සඳහා වැලිගම දෙනිපිටිය ජයවික්‍රම පුර පිහිටි නිවසට සමීක්ෂණ නිලධාරින් නොපැමිණ ඔවුන්ට හිමි සහනාධාර කැපීම හේතුවෙන් ඊයේ 27දා උදේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය වෙත පැමිණි දරුවන් පස්දෙනෙකු ගේ පියෙකු වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොහොඹ ගසක් උඩට නැගී බෙල්ලේ වැල දා ගැනීමට සූදානම් වූ අතර ඔහුගේ ඉල්ලීම වූයේ සමෘද්ධිලාභියෙක් වන ඔහුගේ නිවසට කිසිදු සමීක්ෂණ නිලධාරියෙක් නොපැමිණ ඔවුන්ට සවියක් වූ සමෘද්ධි සහනාධාර කාඩ්පත කපා දමා ඇති බැවින් ඒ සඳහා නිලධාරින් සමීක්ෂණය සිදුකර ඔහු සෑහීමට පත් වන පිළිතුරක් ලබා දෙන තෙක් ගසෙන් නොබසින බවයි.

වැලිගම පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරින් විසින් ඔහුට ගහෙන් බැසීමට කතා කළත් ඔහුගේ ඉල්ලීම වූයේ ගසෙන් බැසීමට නම් නිලධාරින් ගොස් නිවසේ සමීක්ෂණයක් සිදුකර පිළිතුරක් ලබා දිය යුතු බවයි.
මාතර අතිරේක ලලිත් පත්මසිරි


advertistmentadvertistment