ආණ්ඩුව රටම කුසගිනි පාරාදීසයක් කළා – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

117

ආණ්ඩුව රටම කුසගිනි පාරාදීසයක් මෙන්ම ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් බවට පත් කරලා. අද ආශ්චර්යයට කණකොකා හඬා ඇති බවත් පාලකයන්ට අධි පෝෂණයද රටේ ජනතාවට මන්දපෝෂණයද උරුම වී ඇති බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේබව පැවසුවේ සූරියවැව ප‍්‍රාදේශීය සභා විපක්ෂ නායක හා සමඟි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සුභක ප‍්‍රදීප් මහතාගේ සූරියවැව තරුණ බලවේග කාර්යාලය විවෘත කිරීම හා ජනදුක විමසන ‘‘මනුෂ්‍යත්වයේ චාරිකාව” හතරවැනි දිනය සූරියවැව නගරයෙන් පෙරේදා (29දා) ආරම්භ කරමිණි.

එහිදී රැුස්ව සිටි පිරිස අමතමින් විපක්ෂ නායක වරයා මෙසේද පැවසීය.

වත්මන් පාලකයන්ගේ ක‍්‍රියා කලාපය හරහා මන්දපෝෂණය පැතිර ගිය රටක් මේවන විට නිර්මාණය වී තිබෙනවා. අඩු බර උපත් ඇති දරුවන් වැඩි ප‍්‍රමාණයක් බිහි වන රටක් ලෙස ලංකාව වාර්තාගත වී තිබෙනවා. මේ ආණ්ඩුව ආගම්වාදයෙන්, ජාතිවාදයෙන් සහ මුසාවාදයෙන් ජයගත් කාඞ්බෝඞ් දේශ පේ‍්‍රමීත්වයක් නිර්මාණය කොට සිංහල බෞද්ධකම තුට්ටු දෙකට දමා ජාතිවාදය ආගම්වාදය අන්තවාදය සහ මුසාවාදය ව්‍යාප්ත කරලා තියෙනවා. අවුරුදු දෙකක කාලයක් තුළ මේ ආණ්ඩුව අපේ රට එක් අතකින් කඳුළු සලන පාරාදීසයක් කොට තිබෙනවා. තවත් අතකින් අඳුරු පාරාදීසයක් කර තිබෙනවා. එපමණක් නොව අද මේ රට කුසගිනි පාරාදීසයක් මෙන්ම ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් බවට පත්කොට ඇත.

නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලූ පිළිබඳව සාකච්ඡුා කළ විපක්ෂ නායකවරයා රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ‘‘පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත‍්‍රිකාවද ඔවුන් අතර බෙදා දුන්නේය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment