බසය පෙරළී 11ක් රෝහලේ

140

පාසල් ශිෂ්‍යයෝ පස්දෙනකුත් ඒ අතර

රියැදුරු හදිසියේම ලෙඩවෙලා

උල්කන්ද ප්‍රදේශයේ සිට වැල්ලවාය බලා ඊයේ (21 දා) උදේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් පාසල් ළමුන් පස්දෙනකු ඇතුළු එකොළොස් දෙනකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇත.

පාසල් ළමුන් පස්දෙනා අතර පිරිමි ළමයි දෙදෙනකු සහ ගැහැණු ළමයින් තිදෙනකු වන අතර අනෙක් හය දෙනාගෙන් පස්දෙනකු කාන්තාවන් වන අතර අනෙක් අය රියැදුරු වේ. තුවාලකරුවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

රියැදුරු හදිසියේ රෝගාතුරවීම නිසා බස්රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් වැල්ලවාය බුදුමැදුරු හන්දිය අසලදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබේ. වැල්ලවාය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති යූ. ජී. චන්ද්‍රකුමාර මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

නෝමන් පලිහවඩන සහ බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment