එජාප අපේක්ෂකයා හෙරොයින් සමග අත්අඩංගුවට!

72

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයකු හොරෝයින් ග්‍රෑම් 3 යි මිලි ග්‍රෑම් 260 කට ආසන්න ප්‍රමාණයක් සමග පුත්තලම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

17 දින අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයේ පදිංචි 54 හැවිරිදි සෙයියදු ගවුස් මොහොමුදු මව්ෆීර් නමැති අයෙකි.

මෙම සැකකාර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරෝයින් තොගය ගැනුම්කරුවකුට ලබා දීමට අදාළ පුද්ගලයා පැමිණෙන තුරු බලා සිටි බව පොලිස් නිලධාරීහු පැවසූහ.

අදාළ සැකකරු මෙයට පෙර අවස්ථා තුනකදී හෙරෝයින් සම්බන්ධ නඩු තුනක් වෙනුවෙන් බන්ධනාගාර ගතවූ අයකු බව පොලිසිය පවසයි. එමෙන්ම සැකකරු හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් ද වසර 14 කට ආසන්න කාලයක් සිර දඬුවම් විද පැමිණ ඇති බවට පොලිසියට මේ වන විට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳ අනාවරණය කර ගැනීමට අදාළ තොරතුරු සම්බන්ධව විමර්ශනය කරන බවද වැටලීම් කළ නිලධාරීහු පැවසූහ. අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් මත දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. එම්. ටී. පද්මකුමාර, පොලිස් සැරයන් (67614) නිශාන්ත මහතා වැටලීමට එක්වූහ.

අමරනන්ද විජෙසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment