ජනාධිපතිතුමා දාලා අපි කොහෙවත් යන්නේ නෑ – ඇමැති වාසුදේව නානායක්කාර

226

ජනාධිපතිතුමන් දාලා කවදාවත් යන්න අදහසක් නැතැයි ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව කියාසිටියේ රත්නපුර දිස්ත‍්‍රික් නව ජලසම්පාදන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.

ඔබ කවුරුත් බලාගෙන ඉන්නේ මං මොකක්ද කියන්නේ මේ පසුගියදා ජනමාධ්‍ය වල පළවුණු දේ ගැන කියලයි. මේ ජනමාධ්‍ය මොනවද නිතරම කරන්න හදන්නේ. මේ නිවුස් කියන එක අය මවන්නේ මොකක්ද, ආන්දෝලනාත්මක කරුණුවලින් ආන්දෝලනයට ලක්වන කරුණු තමයි නිවුස්. ඒවා පළ කරන තරමට තමයි පත්තරවල තියෙන උනන්දුව වැඩිවෙන්නේ. ජනමාධ්‍ය ගැන උනන්දුව ඇතිවෙන්නේ. ඒ නිසා ඒවා මව මවා පුළු පුළුවන් හැටියට ඒවා ලොකු මහත් කරලා පෙන්වමින් ඉදිරිපත් කරනවා. ඒ වගේ දෙයක් තමයි ඔබ ඊයෙ පෙරේදා දැක්කේ. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ ජනමාධ්‍යකරුවන් කැඳවා, ඒ අය අස්වෙලා යනවා නම් ඒක ඒ අයගේ කැමැත්තක්. ඒ අයට වෙනස් මතයක් තියෙනවා නම් අස්වෙලා යනවා නම් ඒගොල්ලන්ගේ කැමැත්තක්. මම ඒගොල්ලන්ව අස්කරන්න යන්නේ නෑ කියායි.

අපිත් ජනාධිපතිතුමන්ට නැවත නැවතත් කියා තිබෙන්නේ අපි එතුමාව දාලා කවදාවත් යන්න අදහසක් නෑ කියලා. අපි එතුමා සමග මේ ගමන යන්නයි අදහස. අපිට පේනකොට අපේ රටේ අනාගතයට මහා හානිදායක බලපෑමක් ඇතිකරන කරුණක් අපි ඒක

මතුකරගන්නවා. එතකොට දැන් මේ දවස්වල කතා කරන වචනයක් තමයි ඉංග‍්‍රීසියෙන් කියනවා Collective Responsibility (සාමූහික වගකීම) කියලා. කැබිනට් එකේ ඉන්නකොට මොනවා හරි තීරණයක් ගත්තොත් ඒකට තමන් එක`ග වුණත් නැතත් අපි කවුරුත් ඒකෙන් බැඳ තිබෙනවා. ඒක තමයි සාමූහික වගකීම කියන්නේ. එය එංගලන්තයේ ප‍්‍රතිපත්තියක්. ඊටත් පරණ ප‍්‍රතිපත්තියක් අපිට තියෙනවා.

අපිට අපේ සභ්‍යත්වයෙන් පෙන්වලා තියෙනවා හොඳම විදිහ මොකක් ද කියලා. සංගායනාව, සාකච්ඡුාව, සම්මුතිය මේක මං හිතන්නේ අපේ පන්සල්වල සංඝයාවහන්සේලා අතර පුහුණු කරන දෙයක් විනය කර්මයේ දී. සාකච්ඡාව තමන්ගේ වැරදි එළිපිට කතා කිරීම අවසානයේ එක සම්මුතියකින් විසිර යෑම.ඉතින් ඒ නිසා පරණ ප‍්‍රතිපත්තිය අනුව සම්මුතිය අපි කවුරුත් ඉදිරියේ තියාගෙන හරි වැරැද්ද ගැන අපි අවංකවම කතා කරනවා. අපි කවුරුත් එක`ග වන රටට හිතවත් පොදු ස්ථානයක අපි කවුරුත් රැඳෙන්න ඕන කියන අදහසේ තමයි අපි ඉන්නේ.

ඒ නිසා මේ වෙලාවේ අපි තුන්දෙනා වෙනුවෙන්ම කියන්න ඕන, අපි ඇමැතිවරු තුන්දෙනාටම කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න. මේ ආණ්ඩුවෙන් පිටවෙලා යනවද කියලා අපෙන් අහන හැම මොහොතකම අපි කියන්නේ අපි හැදුව ආණ්ඩුවෙන් අපි මොකටද පිටවෙන්නේ කියලයි. මේක අපි හැදුව ආණ්ඩුව. එදා මහින්ද සුළ`ග අපි ආරම්භ කරපු වෙලාවේ ඉඳලා ඉදිරියට ගිය ගමනක මේ අවසාන ප‍්‍රතිඵලයක්. ඉතින් මේකට මේ තරම්ම අපි ජීවිතය දිය කරලා තිබෙනවා. ඒ නිසා ඒ ගැන මගේ ස්ථීර වචනය ඒ බව කියමින් මේ කාර්යයට අද සහභාගි වෙච්ච හැමදෙනාටම මාගේ හදපිරි භක්තිය, ස්තුතිය පුද කරනවා.

රත්නපුර දිස්ත‍්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු පාක්ෂිකයෝ රැසක් ද පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment