ඇමැති කියන හැටියට රෝහල්වල අනවශ්‍ය සැත්කම් හෝ පරීක්‍ෂණ කරන්නේ නෑ

197

ගැටලු පෙන්වා දුන්නාම මාව විනය පරීක්‍ෂණවලට කැඳවනවා – වෛද්‍ය පාලිත රාජපක්ෂ

“සෞඛ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පමණක් කරන්න කියනවා. ඊට පෙර අත්‍යවශ්‍ය පරීක්ෂණ පමණක් කරන්න කීවා. රෝහල්වල අනවශ්‍ය පරීක්ෂණ හෝ අනවශ්‍ය ශල්‍යකර්ම කරන්නේ නැහැ.

අවශ්‍ය වේලාවට ශල්‍යකර්ම නොකිරීමෙන් යම් මොහොතක රෝගියාගේ ජීවිතය අවදානමකට ලක්වීමට හැකියි” යැයි බදුල්ල ඌව පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා පසුගිය 12 වැනිදා එසේ කියා සිටියේ රජය අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පමණක් සිදුකරන ලෙස නිවේදනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

අත්‍යවශ්‍ය ශල්‍යකර්ම යනු ජීවිතාරක්ෂක ශල්‍යකර්ම පමණක් නොවන බවත් ැිැබඑස්ක (අත්‍යවශ්‍ය), භදබ ැිැබඑස්ක (අත්‍යවශ්‍ය නොවන), ඹරටැබඑ (හදිසි), භදබ ඹරටැබඑ (හදිසි නොවන) ආදී වශයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා වචන හරඹයක් කරන බවත් පැවසූ හෙතෙම තවදුරටත් මෙසේද කියා සිටියේය.

ශල්‍යකර්මයක් නොකිරීම නිසා රෝගියා ලක්වන මානසික පීඩනයෙන් ඔහු ආතතියට ලක්විය හැකියි. කල් දමන ශල්‍යකර්ම ගොඩගැසී එකවර කිරීමට සිදුවීමෙන් ඇතිවන ගැටලුවට වගකියන්නේ කවුද ?

පසුගිය මැයි මාසයේ සිට ඖෂධ ගෙන්වා නොගතහොත් බාහිර රෝගී අංශයටත් වාට්ටුවලටත් ඖෂධ හිඟවන බව කිව්වා. ඖෂධ හිඟවීමෙන් ශල්‍යාගාර කටයුතු ඇනහිටීවි කියා ගිය සතියේ පැවසුවා. සැලසුම් කළ සමහර ශල්‍යකර්ම කරගන්න ගියාම රෝගීන් සංඛ්‍යාව අධික වීම හේතුවෙන් අවස්ථාවක් ලැබෙන්නේ වසර දෙක තුනක් ගත වුණාමයි. මෙම තත්ත්වය මත රෝගීන් අසාමාන්‍ය ප්‍රමාණයක් එකතු වීමෙන් තවත් කාලයක් ඉවසා සිටීමට සිදු වෙනවා. අවසානයේ සැත්කමක් කරගැනීමේ අයිතිය නැතිවීම රෝගියකුට කරන මහා අපරාධයක්.

සැත්කම්වලදී අත්‍යවශ්‍ය නිර්වින්දන ඖෂධ හිඟයෙන් ආදේශක ඖෂධ භාවිත කිරීම නිසා ගැටලු ඇතිවීමට හැකි බව පෙන්වා දී තිබෙනවා. ඒවා පෙන්වා දුන්නාම මාව විනය පරීක්ෂණවලට කැඳවනවා. විනය පරීක්ෂණ තිබිය යුත්තේ මට නොව මේවා නිර්මාණය කළ අයටයි.
බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment