ඉන්දියාවට ගෙන ආ චීටා සතුන් දෙදෙනෙක් මරුට

190

වසර 70කට පසු ඉන්දියාවට දකුණු අප්‍රිකාවෙන් හා නැමීබියාවෙන් ගෙන ආ චීටා සතුන් කණ්ඩායමෙන් දෙදෙනකු රෝගාතුර වී මියගොස් ඇත. ඉන්දියාවෙන් වසර 70කට පෙර චීටා සතුන් වඳ වී යෑම හේතුවෙන් ඔවුන් නැවත බෝ කිරීම සඳහා මෙම චීටා කණ්ඩායම් දෙක දකුණු අප්‍රිකාවෙන් හා නැමීබියාවෙන් ඉන්දියාවට ගෙනවිත් තිබිණි. මින් නැමීබියාවේ සිට ගෙන ආ කණ්ඩායමේ සිටි ගැහැණු සතකු ඉකුත් මාර්තු 27 වැනිදා වකුගඩු ආබාධයක් යැයි සැක කෙරෙන රෝගාබාධයකින් මියගොස් තිබිණි.

එම මරණය සිදු වී සති කිහිපයක් ගත වූ පසු දකුණු අප්‍රිකාවෙන් ඉන්දියාවට ගෙන ආ චීටා සත්වයකු මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි කුනෝ ජාතික වනෝද්‍යානයට මුදාහැර සිටියදී මෙසේ පසුගියදා මරණයට පත්ව තිබේ. මෙම මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 1947 වසරේ ඉන්දියාව බි්‍රතාන්‍යයෙන් නිදහස වීමෙන් පසු එරටින් වඳ වී ගිය විශාලතම ක්ෂීරපායි සත්ත්ව විශේෂය වනුයේද චීටාය. මෙසේ වඳ වී ගිය චීටා සතුන් නැවත ඉන්දියාව තුළ බෝ කිරීමේ අරමුණින් දකුණු අප්‍රිකාවෙන් චීටා සතුන් 12 දෙනකු හා නැමීබියාවෙන් සතුන් 08 දෙනකු එරටට ගෙන ඒමට බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි. ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවට නැමීබියාවේ සිට ගෙන ආ චීටා සතුන් කණ්ඩායමට අයත් ගැහැණු සතකු ඉකුත් මාර්තු 29 වැනිදා චීටා පැටවුන් සිවු දෙනකු බිහි කර තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment