ඉන්දියාවේ කොරෝනා ආශ‍්‍රිත අපරාධ ඉහළ යයි

187

කොරෝනා වසංගතය හේතුවෙන් රටවල් වැඩි කාලයක් අගුලූ දමා තිබූ ඉකුත් වසරේ (2020) ඉන්දියාවේ සිදු වූ අපරාධ සංඛ්‍යාව 2019 ට සාපේක්ෂව සියයට 28කින් වැඩි වී ඇති බව ඉන්දීයාවේ ජාතික අපරාධ වාර්තා අධිකාරිය පවසයි. කෙසේ වුවද ඉකුත් වසරේ සිදුව ඇති මෙම අපරාධවලින් බහුතරය කොරෝනා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ අපරාධ බව එම අධිකාරිය කියයි.

 ඉන්දියාව පසුගිය වසරේ වැඩි කාලසීමාවක් කොරෝනා වසංගතය හේතුවෙන් අගුලූ දමා තිබීම නිසා රටේ සෙසු අපරාධ සිදු වීමේ පැහැදිලි අඩු වීමක් දක්නට ලැබුණු බව ඉන්දීය බලධාරීහු පවසති.

 ඉකුත් වසරේ මාර්තු 25 වැනිදා සිට මැයි මස 31 වැනිදා දක්වා කාලය තුළ ඉන්දියාව අගුලූ දමා තිබීම නිසා පෙර වසරවලට සාපේක්ෂව එම වසරේ කාන්තාවන්ට /ළමුන්ට /ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එරෙහිව සිදුවන අපරාධ මෙන්ම, සොරකම් කිරීම්, මංකොල්ලකෑම් වැනි අපරාධවල පහත වැටීමක් දක්නට ලැබුණු බව වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment