‘ඊසි කෑෂ්’ කුඩු ජාවාරම්මු 316ක් යුක්තියට කොටුවෙති

140

‘ඊසි කෑෂ්’ සහ ‘එම්. කෑෂ්’ ක්‍රමයන් ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැකකරන පුද්ගලයන් 316 දෙනකු යුක්තිය මෙහෙයුම යටතේ පෙරේදා (31දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ප්‍රධාන පෙළේ ජාවාරම්කාරයන් 20 දෙනකු සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වෙනත් අපරාධවල යෙදුණු සැකකරුවන් 11 දෙනකු සිටින බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා ඊසි කෑෂ් සහ එම් කෑෂ් යන ක්‍රමයන් ජාවාරම්කරුවන් විසින් බහුලව යොදා ගන්නා බවට ලැබුණු තොරතුරු මත මෙම මෙහෙයුම පොලිසිය විසින් රටපුරා ක්‍රියාත්මක කර තිබිණි.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන්ගේ දේපොළ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් දේපොළ තහනම් කිරීමටද කටයුතු කරන බව පොලිසිය පවසයි.

ඊසි කෑෂ් සහ එම් කෑෂ් ක්‍රමයන් යටතේ මුදල් ගනුදෙනුකරන මධ්‍යස්ථාන 6371 ක් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment