උතුරේ වකුගඩු රෝග පාලනයට නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක්

30

උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා තවත් නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත.

මෙමගින් පවුල් 16,480කට සෙත සැලසෙන අතර මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අතින් පෙරේදා (30දා) සිදුවිය.

වවුනියාව දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 06ක් සහ කිළිනොච්චියේ යන්ත්‍රාගාර 18ක් මෙලෙස විවෘත කර තිබේ. 2021 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් නැනෝ පිරිපහදු යන්ත්‍රාගාර 50ක් ඉදිකිරීමට සැලසුම් කර ඉන් 26ක් ජනතා අයිතියට පත් කර තිබේ. මෙම නැනෝ යන්ත්‍රාගාර මගින් දිනකට ජලය ලීටර් 2000ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතී.

චමින්ද සිල්වා


advertistmentadvertistment