උපන්දිනය දා යුද හමුදා රියක ගැටී තරුණියක් මරුට

67

යාපනයේ අච්චුවේලී පුතූර් කනම්බුලියාඩි හන්දියේ දී පාපැදියක ගමන් කළ කාන්තාවක් යුද හමුදා වාහනයක ගැටීමෙන් 20 දා මියගොස් තිබේ.

යාපනයේ වඩරවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සුදාකරන් සරුජා නැමති මෙම කාන්තාව උදෑසන කිරි රැගෙන යමින් සිටිය දී මෙම අනතුරට ලක්ව තිබේ.

අනතුර හේතුවෙන් බරපතළ ලෙස තුවාල ලැබූ කාන්තාව අච්චුවේලී රෝහලට රැගෙන ගොස් ඇතත් ඇයව රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් තිබේ.

ඇයගේ 23 වන උපන් දිනය සැමරෙන දිනයේ දීම ඇය මෙම අනතුරෙන් මියගොස් සිටීම ඉතා ඛේද ජනක සිදුවීම වී තිබේ.

මියගිය කාන්තාවහේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා අච්චුවේලී රෝහලේ තබා ඇති අතර මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අච්චුවේලී පොලිසිය යුද හමුදා වාහනයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment