කෝප් සභාපතිට විශ්වාස භංගයක්

423

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.මෙම විශ්වාසභංග යෝජනාව සදුදා බාරදීමට නියමිතය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අතර ඇතැයි පැවසෙන සබඳතා( ළබැදියාවන් අතර ගැටුම)හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක් නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වා දෙති.

advertistmentadvertistment
advertistmentadvertistment