උසාවි යන්නත් බැරි වෙන්න ගැසට්ටුව ගහලා – දයාසිරි පාර්ලිමේන්තුවේදී කියයි

691

5 වැනිදා ගැසට්ටුව එළියට දැම්මේ 8 වැනිදා

අධිකරණයත් පාර්ලිමේන්තුවත් නිවාඩු යන වේලාවක විරෝධතා ගොනු කිරීමට නොහැකි වන පරිදි හදිසියේම විදුලිබල පනත ගෙන ඒම සැලසුම්සහගත කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.

පනත් කෙටුම්පත 05 වැනිදා ගැසට් කළ බව කීවද ගැසට් කර ඇත්තේ ඊයේ (08දා) අලුයම බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මේ පනත් කෙටුම්පත ගැසට් කර දින හතකින් එනම් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එදින සිට දින 14ක් අධිකරණය හමුවට යන්න කාටත් අවස්ථාව ලැබෙනවා. ඒත් 15 වැනිදායින් පසුව අධිකරණය නිවාඩු. කොහොමද නඩු පවරන්නේ පාර්ලිමේන්තුවත් වහලා. කතා කරන්න තැනක් නැහැ.

කිසිම වෘත්තීය සමිතියක් සමග මේ ගැන කතා කර නෑ. මේ පනත කෝටි ප්‍රකෝටි ගණන් වංචාවූ තැනක එකක්. තවත් ඩීල් එකක්ද? භයානක පනතක්.

අනුර කුමාර දිසානායක (ජාජබ) – පනත දින 14ක් ඇතුළත අධිකරණයට යා හැකි වුවත් නඩු දාන්න බෑ. උසාවි වහනවා. කුමන්ත්‍රණ සහගතව මේ පනත ගෙනල්ලා තියෙන්නේ.

සභා නායක සුනිල් ප්‍රේමජයන්ත– පනත් කෙටුම්පත තවම පළමු වර කියවීමට ඉදිරිපත් කර නැති නිසා මේ පිළිබඳව විදුලිබල ඇමැති දැනුවත් කරන්නම්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment