උ.පෙළ විභාගය දින වකවානු ගැන විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශයක් කරයි – අධ්‍යාපන ඇමැති

1169

2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් වහාම ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.

සමගි ජනබලවේගය මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. එහිදී මන්ත්‍රීවරිය මෙසේ ද ප්‍රකාශ කළාය.

නොවැම්බර් 21 හෝ 27 උ.පෙළ විභාගය නොතියා පාසල් තෙවන වාරය 2023.10.30 සිට 2023.12.22 සිට සති 8 කුත්, 2024.01.01 සිට 2024.01.19 සති තුනකුත් විදිහට අරගෙන 01 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා දරුවන්ට පාසල් වාරය ඉවර කරන්න පුළුවන්. උසස් පෙළ විභාගය ජනවාරි 22 ආරම්භ කළොත් පෙබරවාරි 17 අවසන් කරන්න පුළුවන්. එතකොට පෙබරවාරි 19 සිට 2024 පළමු වාරය ආරම්භ කරන්න පුළුවන්.

උසස් පෙළ ලබන ජනවාරියේ ලියන ළමයින්ගේ ප්‍රතිඵල මැයි දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඊළඟ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ විභාගය තියන්න පුළුවන්. එහෙම වුණොත් 2025 ඉඳන් ඔය විභාග කාලසටහන යාවත්කාලීන කරන්න පුළුවන්.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා – රෝහිණි කවිරත්න මහත්මිය වැදගත් ප්‍රශ්නයක් යොමු කළා. ප්‍රශ්නයකට වැඩිය යෝජනාවක්. ඒ යෝජනාව විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමුකරලා තියෙන්නේ. ඒ පිළිබඳව එතුමා ළඟදීම නිවේදනයක් නිකුත් කරයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා දරුවන්ට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලැබී නැති බැවින් ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරු රැසක් අධ්‍යාපන ඇමැතිවරයාගේ අවධානය යොමු කර වූහ. එහිදී ද ඇමැතිවරයා කියා සිටියේ විභාග පනතේ ඇති බලතල අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් එම දැනුම්දීම සිදු කරනු ඇති බවයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment