එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද සිරිකොතේදී රැස්වෙයි

153

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද (02 දා) පැවැත්වේ.

එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම උදෙසා මෙම පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වනු ඇත. එක්සත් ජාතික පක්‍ෂයේ 76 වැනි සංවත්සරය හා පක්‍ෂ සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට එජාප කළමනාකරණ කමිටුවේදී ගත් තීරණය අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමත කිරීමට ද නියමිතව ඇතැයි මහ ලේකම් රංගෙ බණ්ඩාර මහතා පවසයි.

පක්‍ෂ සම්මේලනය පැවැත්වෙන ස්ථානය හා සම්මේලනය සංවිධානය කිරීමේ කමිටුව ද මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අනුමත කර ගැනීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට මුළු රටම ආවරණය වන පරිදි පක්‍ෂ බල මණ්ඩල 135 කට වඩා පිහිටුවා ඇති අතර සියලු බලමණ්ඩල රැස්වීම් අවසානයේදී පක්‍ෂ සම්මේලනය පැවැත්වීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment