එළවළු මිල අහස උසට

23

පවතින අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගාවන්ට සිදුවූ හානිය හේතු කොටගෙන කොළඹ මැණිං වෙළෙඳපොළේ එළවළු වල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව මැණිං වෙළෙඳපොළේ සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා ඊයේ (26දා) දිවයිනට පැවසීය.

ඒ අනුව ඊයේ (26දා) ගෝවා කිලෝව රුපියල් 180-200, කැරට් 500-600, ලීක්ස් 600-700, මාළු මිරිස් 700, තක්කාලි 500-600, දෙහි 1200-1300, ඉඟුරු 2800-3000 අතර මිල ගණන්වල පවතින බවද ඔහු කීවේය. අනිකුත් සෑම එළවළු වර්ගයකම මිලද අධික ලෙස ඉහළ ගොස් ඇති බව ඒ මහතා සඳහන් කළේය.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment