කටුනායක ගුවන් මෙහෙයුම් වෙනස්වේ

2019


ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා මෙතෙක් පරිහරණය කළ වසර 20ක් පමණ පැරණි ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය ඉවත් කර ලොව තිබෙන අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරියේ ස්ථාපනය කරන ලදී.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය තුළ ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියළු නවීන තාක්ෂණික මෙවලම් පහසුකම් මෙමගින් හිමිව ඇත.
මෙම අධී තාක්ෂණික සන්නිවේදන පද්ධතිය, පසුගිය 26 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහභාගි වු අතර ප්‍රථම ඇමතුම කටුනායක සිට රත්මලාන ප්‍රධාන ගුවන් පාලක කුළුණ වෙත ලබා ගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment