චීන නැවට දිවයිනට එන්න අවසර

488


ෂී යෑන් 06 චීන පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නාරා ආයතනය විසින් සිදුකරන ලද ඉල්ලීමක් මත අදාළ නෞකාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබා දී ඇත.

නෞකාවේ පැමිණීම සඳහා මෙරට චීන තානාපති කාර්යාලය මඟින් ද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබිණි.

නාරා ආයතනය විසින් අදාළ චීන පර්යේෂණ නෞකාව සමඟ පර්යේෂණයක් සිදුකිරීමට නියමිත අතරනෞකාව මෙරටට පැමිණෙන දින වකවානු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ඉදිරිපත් වී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment