කතරගම දේවාලයේ දෙවියන් වැඩමවන වාසනා හස්තියා මේ වනවිට මදකිපීමේ තත්ත්වයෙන් පීඩා විදිති. මාස 02ක පටන් හස්තියා ගස් බැඳ ඇත.
මෙය සෑම අලි ඇතුන්ටම වසරකට වරක් සෑදෙන බවත්, එවිට අලි ඇතුන් කළහකාරී ලෙස හැසිරීම සිදුවන බවත් හස්තියා භාර ඇත්ගොව් අජිත් ලියනගේ මහතා කියයි.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ අඟල් 07ක පමණ කොටසක් ඇතා කඩාගෙන ඇති බවයි. මෙයට පෙරත් අඟල් 03ක පමණ කැබැල්ලක් කඩාගෙන තිබිණ. පාරම්පරිකව අලි ඇතුන් සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති වාසනා භාර ඇත්ගොව් අජිත් ලියනගේ මහතා පවසා සිටියේ මෙම දළ යුගල නැවත ලියලමින් වැඩෙන බවයි. කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය වෙනුවෙන් ලබන මස ඇතා ගසින් ලිහීමේ චාරිත්‍ර ඉටුකර දෙවියන් වැඩමවාලීමට ඇතා සූදානම් කිරීමට හැකි බව අජිත් ලියනගේ මහතා සඳහන් කරයි.
කතරගම – කේ. ඩී. දේවප්‍රිය