කයිය නායකයෝ පක්ෂ මුදල්වලින් සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රචාර දියත් කරනවා

186

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මොනරාගල මඩුල්ලේදී කියයි

රටේ ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතව තිබියදී කයිය නායකයෝ තමන්ගේ පක්ෂයට ලැබෙන මුදල් ⁣සමාජ මාධ්‍ය හරහා අපහාස මඩ ප්‍රචාර දියත් කිරීමට යොදවන බවත් මෙවැනි දේශපාලන සූදුවල වහල්ලු‍ නොවන ලෙසත් එකවරක් වහලු‍න් ලෙස ඇන්දුනු නිසා රටම බංකොලොත් වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාලකයෝ රට සංවර්ධනය කරනවා වෙනුවට මන්ත්‍රීවරුන්ට බාර් පර්මිට් ලබාදීම ඡන්දය ළඟ නිසා මුදල් ලබාදී මන්ත්‍රීවරුන් බා ගැනීමට කටයුතු කිරීම සිදුකරන බවත් මන්ත්‍රීවරුන්ට මුදල් ලැබෙන කොට ජනතාවට ලැබෙන්නේ අභාග්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 183 වැනි අදියර යටතේ ඊයේ මොනරාගල මඩුල්ල ගල්ගමුව ද්විතීයක පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබාගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේය.

සෙසු පක්ෂවල අය මුදලට විකුණුනත් තමාගේ පක්ෂයේ අය මුදලට විකිණෙන්නේ නැති බවත් වරදාන වරප්‍රසාදවලට වහල් වී කෝටි ගණන් අරමුදල් බාර නොගෙන දූෂිත දේශපාලනය පරාජය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බංකොලොත් රටේ මුදලට වරදාන වරප්‍රසාදවලට බලය තිබෙන පැත්තට මාරු වීම් බලාගත හැකි බවත් සමගි ජන බලවේගය මුදලට දේශපාලනය නොකරන බවත් මුදල් උපයෝගී කරගෙන සෞඛය හා අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනය හොඳින් කරන රටවල හොඳ මොලවල් සොයාගෙන ව්‍යපාරිකයන් දරුවන් පසුපස ගියත් අප රටේ සිදුවන්නේ උපාධියෙන් පසු රැකියා පසුපස යෑම බවත් හෙට් හන්ටින් වෙනස රටට ඇති කළ යුතු බවත් අධ්‍යාපනය ගුණාත්මක නම් රැකියා පසුපස යෑම අවශ්‍ය නොවන නිසා මේ වෙනස ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සුහුරු අධ්‍යාපනයක් නොමැත්තේ දරුවන්ගේ වරදින් නොව දේශපාලනඥයන්ගේ වරදින් බවත් සිංහල පමණයි දමිල පමණයි කියා ඡන්ද මල්ල වැඩි කරගැනීමෙන් දරුවන්ට සෙතක් නොවන බවත් මොවුන් ජාතිවාදය ආගම්වාදය භාෂාවාදය අවුස්සා තමන්ගේ ඡන්ද මල්ල වැඩි කර ගැනීමට කටයුතු කරන බවත් මේ තුළින් අවසානයේ දේශපාලනඥයන් වැජඹී දරුවන් අනාථ වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment