කොළඹ අහසේ මීදුමට හේතුව

297


ඉන්දීය වායු දූෂණයේ බලපෑම හේතු කරගෙන මෙරට වායු දූෂණයද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

ඒ අනුව වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකිය.

සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ඉන් වැඩිම බලපෑමක් කොළඹ, මන්නාරම, වව්නියාව, කෑගල්ල සහ යාපනය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට එල්ල වී ඇතැයි එම ආයතනය සඳහන් කරයි.

ශීත සමය උදාවෙත්ම ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය කැපී පෙනෙන මට්ටමින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment