නව කාලසටහනට අනුව කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (05) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.කැලණිවැලි දුම්රිය මාර්ග වෙත හඳුන්වාදී ඇති නව වේග සීමා හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා එම කාලසටහන පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබුණි.පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනාකදී දිවයින පුරා දුම්රිය පීලිපැනීම් වාර්තා වීමත් සමග මාර්ගවල ඇති දෝෂ හේතුවෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා සියලු දුම්රිය මාර්ග ආවර්ණය වන පරිදී නව වේග සීමා පැනවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය
|