කුම්භ ලග්න හිමියකුගේ කර්මයට අනුව ලැබුණු බිහිසුණු විපාකය

172

1964 මාර්තු මස 01 වැනි දින සවස 06.08ට ඉපදුණ එම පුද්ගලයා 2024 අප්‍රේල් මස 16 වැනි දින උස කිතුල් ගසකින් වැටී මියගියේය. ගසින් වැටුණේ දෙපා බිමට වදිනසේයි. එයින් එක් පාදයක් උකුළු ඇටයෙන් ගැලවී ඉළ ඇට කඩාගෙන හෘද වස්තුව අසලටම ඉහළට ඇදී තිබුණි. මේ බිහිසුණු අනතුර හා එයට බලපෑ ඔහුගේ අකුසල් බලය කුමක්දැයි සොයා බුදු දහමේ ඉගැන්වෙන “කම්ම විභංග හේතු නිසා සකස් වන පටිච්චසමුප්පාද නම් බුද්ධ ඤාණ දර්ශනය සමඟ ජ්‍යොතිෂමය සිද්ධාන්ත ගළපා විමසා බලමු.

ඔහු කුම්භ ලග්නය නිසා මේ වනවිට ලග්න ඒරාෂ්ටක තත්ත්වයක සිටී. උපතේදී ලග්නය තුළ රවි හා ශුක්‍ර යෝග වී සිටී. දෙවැන්නේ ගුරු යෝගව සිටී. තුන්වැනි කොටුවේ බුධ යෝගව සිටී. 5 වැනි කොටුවේ කුජ සහ රාහු යෝග වී ඇත. 08 වැන්නේ සඳු සිටී. 12 වැනි කොටුවේ ශනි සහ කේතු යෝග වී සිටී. ඔහු 2024 අප්‍රේල් 14 වැනි දින වනවිට ගෙවමින් සිටියේ බුධ මහ දශාවේ අවසන් කොටස වූ ගුරුගේ අතුරු දශාවයි. ඔහුගේ නවාංශකය වූයේ ගුරුට හිමි ධනු ලග්නයයි. කුම්භ ලග්නයට ධනු නවාංශකය ආවිට 22 වැනි දෙර්කාණ හෙවත් මාරක ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයාය. මේ කාලයේ ඔහු ගත කරන්නේ බුධගේ මහ දශාව තුළ වීමත් ඒ ධනු හිමි ගුරුගේ අතුරු දශාව වීමත් සෙනසුරු ලග්න ඒරාෂ්ටක වීමත් දෛවය බිහිසුණු තත්ත්වය වීමත් මේ අනතුර බලවත් කරයි.

එසේම ඉහළ සිට පහළට හෙළන, පාතාලවලට හෙළන, හප්පන, වද්දන, ග්‍රහයා වූ රාහු මේ වන විට මීන රාශිය තුළ මාරක ග්‍රහයාවූ බුධට සංයෝගව සිටී. ඒ බුධගේ වක්‍රයත් සමඟය.

ජ්‍යොතිෂමය ඒ සිද්ධාන්ත අනුව අප්‍රේල් 14දා සවස මෙම බිහිසුණු අනතුර සිදුවිය. දැන් මේ අනතුර සිදුවීමට හේතු පාදක වන කර්ම ශක්තිය කම්ම විභංග හා පටිච්චසමුප්පාද යන බුද්ධ ඤාණ දර්ශනය සමඟ ජ්‍යොතිෂමය සිද්ධාන්ත තුළින් සොයා බලමු. මෙම අනතුරට අවශ්‍ය ග්‍රහ පිහිටීම් සකස් වන්නේ සෙනසුරුගෙන් උදාවූ ලග්න ඒරාෂ්ටකයේ බලයෙනි. නමුත් ඔහුට සෙනසුරු මහ දශාවක් නැත. ඇත්තේ බුධ මහ දශාවය. එනම් ඔහු මීට පෙර ගෙවා ඇත්තේ සෙනසුරු මහ දශාව වන අතර ඊළඟ දශාව වූ බුධ මහ දශාවේත් වසර 16ක් ගෙවමින් අග සිටී. එනම් පෙර ආත්මයේ තරුණ කාලය තුළ කරගත් පවකි.

කෙනකුට සතුරු උපද්‍රව පෙන්වන කේන්දරයේ 06 වැනි කොටුව පරීක්‍ෂා කළ යුතුයි. ඔහුගේ කුම්භ කේන්දරයේ 06 වැන්න කටක රාශියයි. මේ කටක රාශිය අයිති සඳු නම් ස්ත්‍රී ග්‍රහයාටයි. ඒ ග්‍රහයා සිටින්නේ මරණය – විපත් අනතුරු පෙන්වන 08 වැනි කොටුවේය. සඳු ග්‍රහයා එම කොටුවේ සිටීම අඩු වයසින් මියයන යෝගයක් බව ජ්‍යොතිෂ නියමය වෙයි. එසේ සිටිද්දී උඩ සිට පහළට හෙළන – පාතාලවලට, ළිංවලට වට්ටන ග්‍රහයාවූ රාහු කටකයේ සිටියේ ඇට පොඩි කරන, මස් තළන අනතුරු කාරක ග්‍රහයා වූ කුජ සමඟය. මේ කුජ කුම්භ ලග්නයේ 03 වැනි කොටුව වූ මේෂ රාශිය අධිපතියාය. 03 වැනි රාශියෙන් පෙර ආත්මගත සිදුවීම් නිවේදනය කරන අතර පෙර ආත්මගත සිදුවීම විපාක බවට පත් කරන ආත්මගත කර්ම හා බැඳී සිටින රාහු සමඟ කුජ සම්බන්ධ වී මෙම 06 වැනි කොටුවේ සිට තිබේ.

මේ තැනැත්තාට මාරක ග්‍රහයා වූ 22 වැනි දෙර්කාන ග්‍රහයාගේ මහ දශාවේ සිටින අතර 2024 අප්‍රේල් 14 වන විට ඒ මාරක ග්‍රහයා වූ බුධ ආත්ම විපාක සලසන රාහු සමඟ කේන්දරයේ 02 වැන්නේ සිටියේය. දෙවැන්න ධනස්ථානය නමුදු මාරක ස්ථානයක් ලෙස ජ්‍යොතිෂය දක්වයි. ධනස්ථානය තමා උපයාගත් ධනය වස්තු සම්පත් ගැන කියන තැන ද වෙයි. මේ සිදුවීම් අනුව ඔහු පෙර ආත්මයේ ධනවත් වූ කෙනෙක් කෙරෙහි තරහ – වෛර – ඉරිසියාව ඇති කරගෙන ඇති බව ද එවැනි දේ පෙන්වන කේන්දරයේ 06 වැන්න වූ කටක රාශියෙන් පෙන්වයි. එම තත්ත්වය ඔහු නොඉවසූ නිසා එම පුද්ගලයාට කොඩිවිනයක් කර තිබේ. එය සඳු 08 වැන්නේ සිටීමෙන් පෙන්වයි. සඳු ස්ත්‍රී ග්‍රහයෙක් නිසා එම කොඩිවිනය කර ඇත්තේ යක්‍ෂණියකගේ බලය තුළින් එම කොඩිවිනය බලවත් කරමිනි.

විශ්වයේ සෑම දෙයක්ම හේතූන් නිසා සකස්වන ආකාරය පෙන්වන “පටිච්චසමුප්පාද’ දර්ශනයට අනුව ජ්‍යොතිෂමය සිද්ධාන්ත ද ගැළපෙමින් එදා 2024 අප්‍රේල් 14 මේ බිහිසුණු අනතුර තමාට විපාක පිණිස හේතුව සකස් වූයේ පෙර ආත්මයේය. එය මේ ආත්මය තුළ ඔහු විඳ ගත්තේය. පටිච්චසමුප්පාදයට අනුව සිත – වචන – ක්‍රියා නියත ලෙසම තමන් කරා විපාක ගෙන එයි. යහපත් දේට යහපත් විපාකත් අයහපත් දේට අයහපත් විපකත් සත්ත්වයාට විඳින්න සැලසේ.

ලෙඩ දුක්වලට බෙහෙත් සොයා ගැනීමත් ඒවා ශරීරගතව ක්‍රියා කරන අන්දමත් රෝගය සුවවන හැටිත් ලෝකයේ සිදුවන දෙයක් ඒ මොහොතේම ලෝකයට පෙන්වන උපකරණ නිපදවීමත් ලෝකය විiාත්මක ලෝකයක් වීමත් ලෞකික බයෝ තාක්‍ෂණයයි. නමුත් ගැඹුරුම බයෝ තාක්‍ෂණය බුද්ධ ඤාණ දර්ශනයයි. මිනිසකුට රෝගී වී වේදනා කැක්කුම් විඳින්නට සිදුවන්නේත් ජීවත් වීම තුළ ප්‍රශ්න, ගැටලු, බාධා, දුක් පීඩා, අඬාවැලපෙන්න සිදුවන දේත් කැමැති දේවල් නොලැබී දුක්වේදනා ඇතිවන්නේත් තමන් සසර තුළ සිත – වචන – ක්‍රියා අකුසල් නම් වරද තුළ හසුරුවාගත් නිසා බව ආධ්‍යාත්මික බයෝ තාක්‍ෂණය තුළින් බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. ලෝකයට ලෞකික බයෝ තාක්‍ෂණය හඳුන්වා දුන් ආතර් සී. ක්ලාක් මහතා පැවැසුවේ “ලෝකයේ සත්‍ය දර්ශනය බුද්ධ දර්ශනයම” බවයි.

කුම්භ ලග්න හිමියකුගේ කර්මයට අනුව ලැබුණු බිහිසුණු විපාකය

ජ්‍යොතිෂවේදී
අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය අසල, අගලවත්ත.
දු.ක.-071-2154253

advertistmentadvertistment
advertistmentadvertistment