කුසට පයින් ගසා බිරිඳගේ දරුගැබ නැසූ නරුම සැමියා රිමාන්ඩ්

486

බිරිඳගේ කුසේ සිටින දරුවා තමාගේ නොවන බව පවසා ඇගේ කුසට පා පහරක් එල්ල කර කුසේ තිබූ මාස දෙකක කළලයක් විනාශ කළ පාපතර පියෙකු අද (12දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (11දා) නියෝග කළේය.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක කරන බැවින් අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

සැකකරු නිරතුරුවම එම කාන්තාව සමග අඬදබර කරගන්නා අයකු බවත් කුසේ සිටින දරුවාගේ පීතෘත්වය පිළිබඳව ඇතිවූ දබරයක් මුල්කරගෙන සිදුකළ එම පහරදීමෙන් බිරිඳ රාගම රෝහලට ඇතුළත් කළ පසු දරුගැබ විනාශ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව රෝහල් පොලිසිය දැනුම් දී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. කොළඹ 14 නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment