කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා, CBA සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුවත් ප්‍රනාන්දු මහතා සහ බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා බැංතුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ සහ CBA හි නියෝජිතයින් සමඟ නව විකුණුම් යන්ත්‍රය එළිදැක්වීමේ අවස්ථාවට එක් විය.

මෙරට විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් ප්‍රමුඛ පෙළේ මූල්‍ය තාක්ෂණ විසඳුම් සමාගමක් වන Ceylon Business Appliances CBA) සමග ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගෙවීම් භාර ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රථම විකුණුම් යන්ත්‍ර හඳුන්වාදී ඇත.

මෙම සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ තාක්ෂණික නවෝත්පාදනයන් වැළඳ ගනිමින් ‘Grab’it සන්නාමයෙන් ආසන්න ගෙවීම් සන්නිවේදන හෙවත් NFC තාක්ෂණය සහිත පූර්ණ ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර ශ්‍රී ලංකාව පුරා සවිකිරීමට අවකාශය ලැබේ. මෙම යන්ත්‍ර ස්පර්ශයෙන් තොර මෙන්ම සාමාන්‍ය ගෙවීම් කාඩ්පත් ද පිළිගනු ලබයි.

මෙවැනි තාක්ෂණික දියුණු තත්ත්වයක් පාරිභෝගික ක්ෂේත්‍රය වෙත පිරිනැමීම සඳහා ලාංකේය බැංකුවක් හා ෆින්ටෙක් සමාගමක් එක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම විකුණුම් යන්ත්‍ර කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගෙවීම් දොරටුව අනුමත වීසා, මාස්ර්ටකාඩ්, යූනියන් පේ, ලංකා පේ සහ JCB කාඩ්පත් පිළිගනු ලබන්නේ CBA සපයන ලද නවීන IM30 පොයින්ට්-ඔෆ්-සේල් (POS) යන්ත්‍ර මගිනි.

advertistmentadvertistment
advertistmentadvertistment